කොළඹ දිස්ත්‍රික්කයෙන් පිට පළාත් සඳහා සීමා සහිතව ඩීසල් නිකුත් කිරීමට ඛනිජතෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන ඇති බව වාර්තා වේ.

සතියකට එක් පිරවුම්හලක් සඳහා එක් ඩීසල් තොගයක් පමණක් නිකුත් කිරීමට පියවර ගෙන තිබීම හේතුවෙන් පිරවුම්හල් රැසකම ඩීසල් හිඟයක් නිර්මාණය වී ඇති බව ඛනිජතෙල් බෙදුම්කරැවන්ගේ සංගමයේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා සඳහන් කරයි.

මේ පිළිබදව අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කලේ එවැනි ඩීසල් නිකුත් කිරීමේ සීමා කිරීමක් මේ වන විට සිදුකර නොමැති බවයි.

එමෙන්ම ඉන්ධන ඇණවුම් කිරීමේ ක්‍රියාවලිය නිසි පරිදී සිදුකරන පිරවුම්හල් වෙත අවශ්‍යතාවය මත අදාල ඉන්ධන තොග නිකුත් කිරීම සිදු කරන බවත් ඔහු කියා සිටී.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්