ඊයේ (9) ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවති ආසියානු කුසලානයේ සුපිරි හතර දෙනාගේ වටයේ අවසන් තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසිය වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින් පන්දුවට පහර දීම සඳහා පාකිස්තාන කණ්ඩායමට අවස්ථාව ලබා දුන් අතර, එහිදී පාකිස්තානු පිළ සියළු ක්‍රීඩකයන් දැවී රැස් කරගන්නට සමත් වූයේ ළකුණු 121 ක් පමණි.

ඒ අනුව ළකුණු 122 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17ක් තුළ කඩුලු 05ක් දැවී ශ්‍රී ලංකාව ලකුණු 124ක් ලබා සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.

මෙම තරගය තුළ පැතුම් නිශ්ශංක විසින් ළකුණු 55 ක් ලබා අර්ධ ශතකයක්ද වාර්තා කළේය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්