කාන්තාවන්ට පැවිද්ද ලබාදෙමින් මහා ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් 500ක් සසුනට එක්වූ උතුම් බිනර පොහොය අදට යෙදී ඇත.

 

වස් සමයේ අතරමැදි පොහොය ලෙසද සැලකෙන මෙම උතුම් පොහොය දිනය තුළ සියළු බෞද්ධ ජනයා ප්‍රතිපත්ති හා ආමිස පූජාවන්හි නිරත වෙමින් කුසල් රැස් කර ගනී.

 

මෙම පොහොය ලක් වාසී බෞද්ධයන්ට වඩාත් වැදගත් වන්නේ තපස්සු, භල්ලුක වෙළෙඳ දෙබෑයන්, බුදු පියාණන් වහන්සේගේ කේශ ධාතු තැන්පත් කරන ලද ගිරිහඬු සෑය ඉදිකිරීමේ කටයුතු සිදු කිරීම හා බුදු පියාණන් වහන්සේගේ ලාලාට ධාතු තැන්පත් කර ඇති සේරුවාවිල මහා සෑයේ ඉදිකිරීමේ කටයුතු ද එහි වාර්ෂික පින්කම් පවත්වන්නේ මෙම උතුම් පොහෝ දිනයේදී වීමයි.

 

මේ උතුම් පොහොය දින ඔබට හැකි අයුරින් ප්‍රතිපත්ති හා ආමිස පූජාවන්හි නිරත වී ඔබේ සිත කය වචනය සංවර , සැහැල්ලු කොටගෙන දෙලොවටම ප්‍රයෝජනවත් වන සේ කුසල් වඩන්නට අදිටන් කරගන්න.

 

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්