මුහුණේ අනවශ්‍ය ලෙස රෝම වැවෙන එක තරුණියන්ට මහත් හිසරදයක් ගෙන දෙන සිදුවීමක්, උඩු තොල අවට, නිකටේ මෙන්ම කම්මුල්වල වැවෙන මේ අනවශ්‍ය රෝම ඔබේ සුන්දරත්ව අඩු කරලා පෙන්නනවා. ඇතැම් තරුණියන් මේ අනවශ්‍ය රෝම ඉවත් කර ගැනීම සඳහා සති දෙකකට පමණ වරක් රූපලාවණ්‍යාගාර වෙත ගියත්, සමහරුන්ට එය අපහසු වන්නේ එම ප්‍රතිකර්ම සඳහා අධික මුදලක් අය කිරීම හේතුවෙනුයි.

 

කොහොම වුණත් අද ඉඳලා ඔයාලට තව දුරටත් මුහුණේ අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න රූපලාවණ්‍යාගාර වලට යන්න ඕනි වෙන්නේ නෑ. අපි අද ඔයාලට කියලා දෙනවා නිවසේ සිටම මේ අනවශ්‍ය රෝම ඉවත් කර ගත හැකි පහසු ප්‍රතිකර්ම කිහිපයක්. කියවලා බලන්නකෝ කොච්චර සරලද කියලා.

 

සීනි සහ ලෙමන් යුෂ

 

මෙම ප්‍රථිකර්මය සඳහා ඔබ කළ යුත්තේ සීනි සහ ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ ජලය මේස හැඳි 8-9ක් සමඟ මිශ්‍ර කර ගැනීමයි. පසුව මෙම මිශ්‍රණය බුබුලු මතු වීමට පටන් ගන්නා තෙක් රත් කර සිසිල් වීමට ඉඩ හරින්න.

 

එම මිශ්‍රණය සිසිල් වීමෙන් අනතුරුව ස්පැතූලයක් භාවිතයෙන් රෝම සහිත ස්ථානවල ආලේප කර  විනාඩි 20-25 ක් පමණ තබා ගන්න. දැන් රවුමට අතුල්ලමින් සීතල වතුරෙන් සෝදා හරින්න.

 

මේ ක්‍රමයට මුහුණේ රෝම ඉවත් වෙන්නේ කොහොමද කියලා කල්පනා කරනවද?  හොඳයි,  රත් වුණු සීනී  සමට ඇලෙන්නේ නැති අතරම ඒවාඅ අපේ රෝම මත ඇලී පවතිනවා. ඒ වගේම  ලෙමන් යුෂ සමේ හිසකෙස් සඳහා ස්වාභාවික  බ්ලීචිං එකක්  ලෙස ක්‍රියා කරන ගමන් අපේ රෝම හා සම අතර සම්බන්ධය ලිහිල් කරනවා. එහෙනම් ඔයාලට දැන් පුළුවන් අධික වේදනාකාරි wax ක්‍රම වලට බායි කියන්න. 

ලෙමන් සහ මී පැණි

 

මෙය  වෙනුවට ආදේශ කරන්න  පුළුවන්  තවත් ක්‍රමයක් . මෙහිදී සීනී සහ ලෙමන් යුෂ මේස හැඳි දෙකක් සහ මී පැණි මේස හැන්දක් එකතු කරලා  මිශ්‍රණය විනාඩි තුනක් පමණ රත් කර අවශ්‍ය නම් පමණක් මිශ්‍රණය තුනී කර ගැනීමට වතුර එකතු කරගන්න පුළුවන්.

 

පසුව මිශ්‍රණය සිසිල් වුණාට පස්සේ  රෝම සහිත ප්‍රදේශවල රෝම පිහිටා ඇති දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට විහිදෙන ආකාරයෙන් මිශ්‍රණය ආලේප කරගන්න. හොඳින් ආලේප කරගත්තට පස්සේ ඔබට පුළුවන් පිරිසිදු කපු රෙද්දක් යොදාගෙන ඒ රෙදි පටිය අපි ආලේප කරපු තැන්වල අලවගෙන රෝම වැවිලා තියන ද්ශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට අදින්න.

 

මේ ක්‍රමය අනවශ්‍ය රෝම ඉවත් කරන්න යොදා ගන්න පුළුවන් සාර්ථකම ක්‍රමයක්.

 

ඒ වගේම මී පැණි සමේ තෙතමය ආරක්ෂා කරගැනීමට බෙහෙවින් උපකාරි වන නිසා ,  ඔබට වියළි සමක්නම් තියෙන්නේ මෙමගින්  ඔබට අමතර වාසියකුත් හිමිවේවි.

 

ඕට්ස් සහ කෙසෙල්

 

මෙම ක්‍රමය ගොඩක් පහසුයි. ඉදුණු කෙසෙල් ගෙඩියක් සමඟ ඕට්ස් මේස හැඳි දෙකක් මිශ්‍ර කර එම මිශ්‍රණය  රෝම සහිත  ප්‍රදේශවල ආලේපන  කරන්න. පසුව මිනිත්තු 15 ක් පමණ ගෙන හොඳින් සම්බාහනය කොට සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

ඕට්ස් කියන්නේ ඔබේ සමට තෙතමනය ලබාදෙන  ස්ක්‍රබ් එකක් වගේම ඕට්ස් වල ඔබේ සමේ රතු පැහැය ඉවත් කිරීමට උපකාරී වන ප්‍රතිඔක්සිකාරක තියනවා . මේ මිශ්‍රණය  ඔබේ මුහුණේ රෝම ඉවත් කරනවාට අමතරව පැහැපත් සමක් ද ලබා දෙනවා.

 

අර්තාපල් සහ පරිප්පු

 

මෙයත් හරිම පහසු ප්‍රතිකර්මයක්, මේ සඳහා ඔබට අවශ්‍ය වෙනවා  මී පැණි මේස හැන්දක්, ලෙමන් යුෂ මේස හැන්දක් සහ   අර්තාපල් යුෂ හැදි පහක්. මේ සියලුම අමුද්‍රව්‍ය අරගෙන හොඳින් මිශ්‍ර කරගන්න.  ඒ මගේම තව ඔබට අවශ්‍ය වෙනවා එක් රැයක් හොඳි පොඟවා ගත් පරිප්පු. මේ පරිප්පු ටිකත් සිනිඳු පේස්ට් එකක් වෙනකම් අඹරගෙන කළින් සකසා ගත්ත මිශ්‍රණය සමග එකතු කරලා රෝම සහිත ප්‍රදේශවල හොඳින් ආලේප කරන්න. පසුව එම මිශ්‍රණය  සම්පූර්ණයෙන්ම වියළී ගියාට පස්සේ සිසිල් ජලයෙන් සෝදා හරින්න.

 

මෙම මිශ්‍රණය මගින් රෝම වැවීම අඩු කරනවා වගේ රෝම වල තද පැහැය අවම කර ඒවා පෙනෙන එක වළක්වනවා.

 

 

බිත්තර සුදු මදය සහ ඉරිඟු පිටි

 

බිත්තර සුදු මදයක් සමඟ බඩ ඉරිඟු සහ සීනි මේස හැන්ද බැගින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය  අනවශ්‍ය රෝම ඇති ස්ථානවල ආලේප කර එය වියළුණු පසු පොතු ගලවා  කරන්න. හරි සරලයි නේද?

 

බිත්තර සුදු මදය ඇලෙන සුළු  අතර ඒක  සීනි සහ ඉරිඟු පිටි සමඟ එකතු වුණාම  විට සම මත තුනී පටලයක් හදනවා. කොහොම වුණත් මේ  ක්‍රමය කුරුලෑ තියන  සමකට නම් ගැළපෙන්නේ නෑ.

 

අපි අද ඔබට මේ ලිපිය මගින් අනවශ්‍ය රෝම ඉවත් කර ගන්න පුළුවන් පහසු ක්‍රම 5 ක් ගැන ඔබට හෙළි කළා. දැන් ඔබට පුළුවන් ඔබට වඩාත් පහසු හා ගැළපෙන ක්‍රමය තෝරගෙන අනවශ්‍ය රෝම කරදරයෙන් මිදෙන්න.

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්