හෙක්ටර් ඩයස් යනු මෙරට තුළ අතිශය ජනප්‍රිය ගායකයෙකි, හිරු නාළිකාව හරහා විකාශනය වන “දිවිතුරා” නාට්‍යයෙහි  අගස්ති ගේ චරිතය සමගින් ඔහු නළුවෙකු ලෙසද රසිකයන් වෙත ලඟා වන අතර, කෙසේ නමුත් අද අප කියන්නට යන්නේ එම සිපිරි ගායකයා , වාදකයා හෝ නළුවා ගැන නොව ඔහුගේ ජීවිතය පුරාවට එළිය වෙමින් ශක්තියක් වෙමින් ඔහු අසළම රැඳෙන ඔහුගේ සුරූපි බිරිය පිළිබඳවයි.

 

නමින් පාඨලී වන ඇය වයස අවුරුදු 5 දි සිය පියා අතහැර මව සමග ප්‍රංශය වෙත යන අතර ඇයට අවුරුදු 22 ක් වන තුරු ඇය ප්‍රංශයේ හැදී වැඩෙනවා.

 

සිය මව හා පියා අතර පැවති විරසකය පිළිබඳව සඳහන් කරමින් ඇය කියා සිටින්නේ, කුඩා කළ පටන් යහපත් පවුල් පසුබිමක් සහිතව ජීවත් වීමට අවස්ථාව නොලැබීම නිසාම දිනක තමගේ විවාහ ජීවිතය ඉතාමත් සාර්ථකව  ගෙන යෑමට ඉටා ගත් බවයි.

 

මම හරි ආසාවෙන් හිටියෙ ලස්සන පවුල් ජීවිතයක් ගෙනියන්න. මගේ දෙමව්පියන්ගෙන් මම කවදාවත් ඒ දේ දැකල තිබුණෙ නැහැ. හෙක්ටර් සමග විවාහ වෙලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න හීන දැක්ක මම අධ්‍යාපන කටයුතු අතරමග නවතා දමා විවාහ වුණා. විවාහයෙන් පස්සෙ මම සම්පූර්ණයෙන්ම මගේ පවුල වෙනුවෙන් කාලය වැය කළා.”

 

ඇයට හෙක්ටර් ඩයස් මුණ ගැසී තිබෙන්නේ වයස අවුරුදු 22 වන අතර, ඒ වන විට ඇය සෝබෝන් විශ්ව විද්‍යාලයේ නීතිය හදාරමින් සිට ඉඳ තිබෙනවා, හෙක්ටර් කලාවට සම්බන්ධ පුද්ගලයෙක් වීම හේතුවෙන් අතීතයේ අමිහිරි මතක ඇති ඇගේ මව මුලින් ඒ සම්බන්ධයට විරුද්ධ වුවද පසුව ඇය හෙක්ටර් සමග විවාහ වී සිය ජීවිතය සම්පූණයෙන්ම පවුල වෙත කැප කිරීමට තීරණය කරනු ලබනවා.

 

කොහොම නමුත් ඔවුන් දෙපළ දැන් සාර්ථක විවාහ ජීවිතයක් ගෙන යන දෙමාපිය යුවළක්.

 

එමෙන්ම ඇය ඇගේ පියා වන ලක්ෂ්මන් හේවාවිතාරණ පිළිබඳව සඳහන් කොට තිබුණා, කිසිවෙකුත් ලක්ෂ්මණ් විවාහක පුද්ගලයෙකු බව නොදන්නා අතර, පාඨලි අනුව ඇගේ දෙමව්පියන් වෙන්වී වසර 30 ක් පමණ වනවා.

 

“අපේ අම්මයි තාත්තයි වෙන්වෙලා දැන් අවුරුදු 30 කට වැඩියි. තාත්තත් එක්ක මගේ කිසිම සම්බන්ධයක් නැහැ. තාත්තා ලෝකෙට කියන්නෙ නැහැනේ විවාහ වෙලා දරුවො ඉන්නවා කියල. එයා ඒ කාරණය හංගන නිසා මම එයාට සමීප වුණත් එයා මට සමීප වෙන්න කැමැත්තකුක් නැහැ, ප්‍රසිද්ධිය නැතිවෙයි කියලා.

 

මගේ අම්මා මුලින්ම හෙක්ටර්ගෙයි මගෙයි සම්බන්ධයට කැමති වුණේ නැහැ. මෙයත් කාලකාරයෙක් නිසා මම අමාරුවේ වැටෙයි කියලා. ඒත් මේක මගේ තීරණය කියල තමයි හෙක්ටර් එක්ක විවාහ වුණේ. හැබැයි තාත්තයි හෙක්ටරුයි ගත්තම ඉරයි හඳයි වගේ හාත්පසින්ම වෙනස්. එකම ක්ෂේත්‍රයේ හිටියට එක මිම්මකින් හැමෝම මනින්න බැහැ. කලාකරුවො කියන්නෙ සංවේදී හිත් තියෙන මිනිස්සු කොටසක්. ඇත්තටම මට ලැබුණෙ නැති පිය සෙනෙහස මට ගෙනැත් දුන්නෙ හෙක්ටර්. පිරිමි කියන අය එපාවෙන තැනක උන්න වෙලාවක මට පිරිමියෙක්ගේ ආදරයේ වටිනාකම කියල දුන්නේ හෙක්ටර්. මට නොලැබුණ පිය සෙනෙහස හෙක්ටර් අපේ දරුවන්ට දෙද්දී මම හරි සතුටු වෙනවා. ඒක මට ආශිර්වාදයක් වගේ.”

 

මේ ආදරණීය යුවළට තව සියක් කාලයක් ආදරෙන් සතුටින් ඉන්නට අපි සුබ පතමු.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්