ලාංකේය සිනමාව තුළ විවිධාකාරයේ සිනමා නිර්මාණයන් අපට නිරතුරුව දකින්නට ලැබෙනවා. එම නිර්මාණ අතරින් පසුගිය දින එළිදැක්වූ අපූර්ව සිනමා නිර්මාණයක් වන “සිනෙමා” චිත්‍රපටය වෛද්‍ය කපිල සූරියආරච්චි ගේ අධ්‍යක්ෂණයෙන් යුත් සිනමා නිර්මාණයක්.

සිනමාව තම ආත්මය කරගත් මිනිසුන්ගේ හෘද සාක්ෂිය සහ යොවුන් ආදරය ගැන කියවෙන මෙම නිර්මාණය තුළ රංගනයෙන් දායක වෙන රංගන ශිල්පීන් අතර බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය දිනූ ඉතාමත් කඩවසම් තරුණයෙක් අපට මුණගැසුණා.

සිය පියාගේ හැකියාවක් ආභාසයක් එක්කොට ගත් ඔහු නමින් මේඝ සූරියආරච්චි.

කොළඹ ඩී එස් සේනානායක විදුහලෙන් පසු කැලණි විශ්ව විද්‍යාලයට ඇතුලත් වී රූපවේදය සහ සිනමාකරණය හදාරමින් සිටින ඔහු ගේ රංගන දක්ෂතාවයන් පිළිබඳ බොහෝ දෙනා පැවසුවේ ඔහු සිය පියාණන්ගේ අඩි පාරේ යන බවයි.
මේ බව ඔහුගෙන් විමසීමේ දී ඔහු පුවත්පතකට මෙසේ අදහස් දක්වා තිබුණා.

මම අධ්‍යාපනය හදාරන්⁣නෙ කොළඹ ඩී. එස්. සේනානායක විදුහලෙන්. පසුව උසස් අධ්‍යාපනය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයටත් ඇතුළත් රූපණවේදය සහ සිනමාකරණය පිළිබඳවත් හදාරමින් සිටිනවා. මගේ මවුපියන් වෛද්‍ය වෘත්තියෙ වුණත් පියා දැඩි ලෙස කලාවට නැඹුරු වෙච්ච කෙනෙක්. ඒ ආභාෂය නිසා අපි සියලු දෙනාම කලාවට නැඹුරු වෙලා ඉන්නේ. මගේ ගෙදර පසුබිම තමයි මට සිනමාකරණයට එන්න දායක වුණේ කියලයි මම හිතන්නේ. දැන් සියලු දෙනාම කියන්නේ පියාගේ අඩි පාරේ යනවා කියලයි. එහි නිවැරදිතාවයක් තියෙනවා කියලා මම හිතනවා. කුඩා කාලයේ පටන් මම සිනමාපට ගොඩක් බලනවා. ඒ වගේම සිනමා පොත්පත් කියෙවුවා. මේ නිසා මට ප්‍රායෝගිකව පුහුණුවක් ලැබුණා කියලා මම එක පැත්තකින් හිතනවා.

මම ” සිනේමා ” සිනමාපටය තුළ මගේ පියා හැම වෙලේම දැක්කේ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා ලෙසට පමණයි. මම එහි දර්ශන තලයට යන්නේ නළුවෙක් හැටියට පමණයි. දර්ශන තලයේ සිටින සෑම මොහොතකම මං අධ්‍යක්ෂකවරයාට අවනතවයි කටයුතු කරන්නේ. ඔහු මගේ පියා කියාලා නිර්මාණයට දායකත්වය දෙන්න ගියොත් එම නිර්මාණය සාර්ථක වෙන්නේ නෑ කියලා මම හිතනවා. අධ්‍යක්ෂකවරයාත් කිසිවිටකත් මම ඔහුගේ පුතා කියන තැනට එන්නේ නෑ. ඔහු හැම වෙලේම කටයුතු කරන්නේ ඔහුගේ මනසේ ඇඳුණ චිත්තරූපය මගේ චරිතය තුළින් ප්‍රතිනිර්මාණය කිරීමට පමණයි. මේ නිර්මාණයේදි මම දැක්ක එකම දේ තමයි අපි දෙන්නා අතර සන්නිවේදනයට පහසු වුණා අපි හරි සමීප නිසා. ඒක ලොකු දෙයක් වුණා නිර්මාණයට.

මටත් අධ්‍යක්ෂකවරයෙකු වීමේ සිහිනය තිබුණා සහ තියෙනවා. මං මේ මොහොත වෙනකොටත් ඒ අවධිය කරා පියමනිමින් සිටින්නේ. සිනමා වේදය හා රූපණවේදයේ මම ආසම පැතිකඩක් තමයි අධ්‍යක්ෂණය කියන්නේ. කුඩා කාලයේ ඉඳන්ම මම ඒ දේට හරි කැමැත්තෙන් හිටියේ. හැබැයි මම හිතුවේ ඉස්සෙල්ලාම අධ්‍යක්ෂණය කියන ආකෘතියට ඇතුළුවීමටයි. අධ්‍යක්ෂණය විෂයයක් විදියට, භූමිකාවක් හා නිර්මාණකරුවෙකු හැටියටත් ඉදිරියටම යෑම තමයි මගේ අරමුණ වෙන්නේ. එහි ප්‍රතිඵලයක් හැටියට මම සිනමා අධ්‍යක්ෂණයක් කළා. මෙහි පසු නිෂ්පාදන කටයුතු මේ වන විට කරමින් පවතිනවා.

සිය පියාණන් සේ සිනමා අධ්‍යක්ෂකයකු වීමේ සිහිනය සැබෑවක් වේවා කියා අප ඔබට හදවතින්ම සුබ පතනවා.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්