එංගලන්ත මහ රැජිණගේ අසනීපය පිළිබඳව වාර්තා වීමත් සමග ලෝකයේ බොහෝ දෙනා විපක්ෂිතව බලා සිටින්නේ 96 හැවිරිදි ඇය ගැන කොයි මොහොතක හෝ දුක් මුසු ආරංචියක් ලැබේදැයි බියෙන්.

වසර 70 ක් පුරාවට බ්‍රිතාන්‍ය කිරීටයේ මහ රාජිණි තනතුර උසුළන දෙවන එළිසබෙත් රැජිණ ලෝකයේ බහුතරයක් දෙනාගේ ආදරය දිනාගත් තැනැත්තියක් වන අතර, යම් දිනක ඇය මිය ගිය පසුව ඇගේ අවමංගල්‍ය කටයුතු සිදු කළ යුතු ආකාරය මීට වසර කිහිපයකට පෙර සිටම එරට රජය හා බලධාරීන් විසින් සැලසුම් කොට අවසන්.

බොහෝමයක් දෙනා ඒ පිළිබඳව නොදැන සිටියද Operation London Bridge හෙවත් ලන්ඩන් පාලමේ මෙහෙයුම යනුවෙන් නම් කර ඇත්තේ දෙවන එළිසබෙත් මහ රැජිණ මිය ගිය පසු සිදු කරන අවමංල්‍ය උත්සව සැලසුමයි.

රැජිණ මිය ගිය පසු යනුවෙන් සිවිල් සේවකයෙකු විසින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයාට හෝ අග්‍රාමාත්‍යවරියට දුරකථන ඇමතුමක් ලබා දී “ලන්ඩන් පාලම කඩා වැටී ඇත” හෙවත් “London bridge is down” යන පණිවිඩය ලබා දෙන අතර, එහි තේරුම වන්නේ රැජිණ මිය ගොස් ඇති බවයි.

අනතුරුව අගැමැතිවරයා හෝ වරිය විසින් එය එරට මාධ්‍ය වෙත ලබා දීමට නියමිත අතර එහිදි මාධ්‍ය විසින් ඒ දුක් මුසු පුවත ලෝකය හා බෙදා ගැනීමට සැලසුම් කොට තිබේ.

පසුගිය වසරේ ඇතිවූ කොරෝනා වසංගත ත්ත්වය සමග මෙම ලන්ඩන් පාලමේ මෙහෙයුම පිළිබඳව කතිකාවත ඇදී ආ අතර, නමුත් මෙම සැලසුම පිළිබඳව විමසීමේදි එරට රජය විසින් මාධ්‍ය වෙත පිළිතුරු දී තිබුණේ රැජිණගේ සෞඛ්‍ය තත්වය ඉතා යහපත් බැවින් මෙම ලන්ඩන් පාලමේ මෙහෙයුමට අදාල කිසිවක් පිළිබඳව පූර්ව සූදානමක් අවැසි නොවන බවයි.

කෙසේ වෙතත් මේ මොහොත වන විට මතුව ඇති තත්වය අනුව නැවත වරක් ලෝකයාගේ අවධානය රැජිණගේ සෞඛ්‍ය පිළිබඳව යොමුව ඇති අතර, බකිංහැම් මාළිගාවෙන් ලැබෙන ප්‍රවෘත්ති වලට අනුව ඇගේ සෞඛ්‍ය තත්වය මේ වන විට දැඩි ලෙස පිරිහී ඇත.

පවතින තත්වය අනුව යම් හෙයකින් නුදුරේදිම Operation London Bridge ක්‍රියාත්මක කිරීමට සිදු වුව හොත් ඇගෙන් පසුව එංගලන්ත කිරුළ සඳහා හිමිකම් කියනු ලබන්නේ ඇගේ පුත්‍ර 73 හැවිරිදි චාර්ල්ස් නොහොත් වේල්සයේ කුමරු විසිනි.

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්