තම පියාගේ වෑන් රියට යටවී සිදුවී අනතුරක් හේතුවෙන් 2 හැවිරිදියක් කුඩා දැරියක් මිය ගොස් ඇත.

 

මෙම අවාසනාවන්ත සිදුවීම වාර්තා වී ඇත්තේ තඹලගමුව ප්‍රදේශයෙන් වන අතර, අතුරු මාර්ගයේ නවතා තිබූ වෑන් රිය නිවස පිහිටි ඉඩමට ඇතුළු කිරීම සඳහා පිටුපසට ගන්නා අවස්ථාවේ දැරිය මෙම අනතුරට මුහුණ පා තිබේ.

 

අනතුරෙන් බරපතළ තුවාල ලැබූ දැරිය කෝවිල්අඩි රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.

 

දැරියගේ පියා මේ වන විට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්