එක්සත් රාජධානියේ නව ස්වදේශ ලේකම්වරිය ලෙස ඉන්දීය සම්භවයක් ඇති බැරිස්ටර් සුවාලා බ්‍රවර්මන් පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇය අගමැති ලිස් ට්‍රස් විසින් නව ස්වදේශ ලේකම්වරිය ලෙස පත් කර ඇති අතර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇය කියා සිටියේ එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ලෙස සේවය කිරීම සඳහා අගමැති Liz Truss විසින් ඇයව පත් කිරීමට ලැබීම ගෞරවයක් බවයි.

එහිදී ඇය පාර්ලිමේන්තුවේ දී දිවුරුම් දුන්නේ ධම්මපදයේ බෞද්ධ පාඨය අත තබමින් බව සදහන් වේ.

හින්දු දෙමළ මවක් වන උමාට සහ පියා ක්‍රිස්ටි ෆර්නැන්ඩස්ට දාව උපන් බ්‍රවර්මන් බෞද්ධයෙකි.

පාලක කොන්සර්වේටිව් පක්ෂයේ 42 හැවිරිදි ඇය බොරිස් ජොන්සන්ගේ නායකත්වයෙන් යුත් පෙර රජයේ නීතිපතිවරයා ලෙස කටයුතු කර ඇත.

අධිනීතිඥවරියක වන සුඑල්ලා හතළිස් දෙහැවිරිදි දෙ‍දරු මවකි.

ඇය ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානයට නිතිපතා පැමිණෙන බෞද්ධ කාන්තාවකි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්