දෙවන එලිසබෙත් රැජින වසර 96 ක සිය දිවි සැරිය නිමා කරමින් අභවප්‍රාප්ත වී ඇත.

 

බැල්මොරල් මාළිගාවේදි අද (8) පස්වරුවේ ඇය අභවප්‍රාප්ත වී ඇති අතර , මීට සුළු මොහොතකට පෙර බකිංහැම් මාළිගාව විසින් ඇගේ මරණය නිල වශයෙන් නිවේදනය කරන්නට යෙදුණි.

 

එරට මාධ්‍ය විසින් අද (8) පස්වරුවේ ඇගේ අසනීප තත්වය පිළිබඳව වාර්තා කළ අතර, ඉන් අනතුරුව ලෝක වාසි බහුතරයකගේ අවධානය ඇය වෙතට යොමු විය.

 

වසර 70 ක කාලයක් පුරාවට බ්‍රිතාන්‍ය කිරීටය දැරූ ඇයගේ අභාවයෙන් අනතුරුව ඇගේ වැඩිමහල් පුත්‍රයා වන චාල්ස් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් 14 ක රාජ්‍ය නායකයා වශයෙන් රාජාභිෂේක ලැබීමට නියමිතයි.

 

 

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්