ශ්‍රී ලංකාව තුළ සතියකට ඩෙංගු ආසාදිත රෝගීන් 1250 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.

දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වනවිට ඩෙංගු රෝගීන්ගේ සැලකිය යුතු වර්ධනයක් පවතින බවත් දිස්ත්‍රික්ක 06ක ග්‍රාම නිලධාරී බලප්‍රදේශ 55ක් ඩෙංගු වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති බවත් ඔවුන් කියා සිටී.

සැප්තැම්බර් 01 වැනිදා සිට 3 වැනිදා දක්වා ප්‍රදේශයන්හි ඩෙංගු මර්දන වැඩසටහනක් පවත්වා ඇති අතර එම කාලය තුළ දේපළ 75,993ක් පරීක්ෂාවට ලක් කර තිබේ.

පරීක්ෂාවට ලක් කළ දේපළ අතරින් 20,704ක් ඩෙංගු මදුරුවන් බෝවීමට හිතකර ස්ථාන ලෙස හඳුනාගෙන තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්