ලාංකේය කලා ක්ෂේත්‍රය තුළ සිනමා රංගනයට ගායනයට මෙන්ම නර්තනයට එකලෙස දස්කම් ඇති ඇය මේ දිනවල කාගෙත් අවධානයට ලක්වන්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන බන්ධනා ටෙලිනාට්‍යයේ බන්ධනාගේ යෙහෙළිය ලෙස රඟපාන ලක්මීගේ චරිතය නිසයි.

ලාංකේය රංගන ශිල්පීන් සමග මෙන්ම භාරතයේ රංගන ශිල්පීන් සමග ද සිනමා නිර්මාණ වල රංගනයේ යෙදෙන ඇය විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනාගත් ගත් රංගන ශිල්පිනියක්.

පසුගිය දින ඇය සිය රංගන භූමිකාව පිළිබඳ යළිත් මතකයට නගමින් ඉන්දීය රංගන ශිල්පී රන්බීර් කපූර් සමග රංගනයේ යෙදී සිටි අවස්ථාවක් පිළිබඳ පුවත් පතකට මෙලෙස අදහස් දැක්වා තිබුණා.

ඇත්තටම ඔව්. මම අසල්වැසියෙක් වෙනවා. bombay velvet සිනමාපටයේ රන්බීර් කපූර්ගේ අසල්වැසියෙක් ලෙස තමයි එතැනදි මම රංගනයේ යෙදෙන්නේ. බොලිවුඩ් සිනමාවේ සහ කොලිවුඩ් සිනමාවේ මෙවැනි තරුත් එක්ක රංගනයේ යෙදීමට ලැබීමත් ලොකු සතුටක්. එතැනින් පස්සෙ මට සිනමාපට ගොඩක් ලැබුණා. මේ සිනමාපටය රඟපාන්න එන්න මාස තුන හතරක් වර්ක්ෂොප් තිබ්බා. තිර පරීක්ෂණ කළා. මේ සියලු දේවල්වලට මුහුණ දීලා කොහොමහරි bombay velvet රඟපාන්න චාන්ස් එක ලැබුණා. මේ සිනමා පටයෙන් පස්සේ මම ටිකක් නිහඬ වෙලා ඉන්නට වුණා. ඒ මගේ අධ්‍යාපන කටයුතු සඳහායි.

ඒ වගේම ඇයගේ කලා ගමන්මගේ ආරම්භය සිදු වූ අයුරු ඇය මෙසේ කියා සිටියා.

මගේ ගමන ආරම්භ කරන්නේ ගුවන් විදුලි සංස්ථාවේ ළමා පිටියෙන්. නැවුම් මිහිර සංගීත වැඩසටහන තමයි මගේ මුල්ම වැඩසටහන වෙන්නේ. ඉන්පස්සෙ මම ජාතික රූපවාහිනියෙ ජූනියර් වාදක කණ්ඩායමෙි වයලින් වාදනය කරනවා. මේ අතරතුර කාලයේ පාසල් වේදිකාවෙත් මම රංගනයෙන් දායක වුණා. මම පාසල් යන කාලයේ ගායනයට තමයි වැඩි දක්ෂතාවයක් දැක්වූයේ. ඒත් මම නාට්‍යකරණය නර්තනය යන දෙකටත් යම් දක්ෂතාවයන් දැක්වූවා. මගේ පවුල් පසුබිමත් මේකට මට ගොඩක් පිටිවහලක් වුණා. පාසල් කලා කටයුත්තකටම මාව නැතුවම බැරි තැනට පත් වුණා. ඒකත් මම ලබපු වාසනාවක්. මේ විදියට මගේ කලා කටයුතු ආරම්භයේදී ම සිදුවී ගෙන ඇවිත් අද මම හොඳ තැනක ඉන්නවා කියලා මට හිතෙනවා. මේ ආපු ගමන ගැන මගේ ජීවිතයේ පෙර පිනක් කියලත් හිතෙනවා. බාධක කම්කටොලු මැඩගෙන තමයි මේ ගමන ආවේ. සුන්දර දේවල් මෙන්ම අසුන්දර ද දේවල්ද අරමුණ කරා යන ගමනේදී නොවෙනවා කිව්වොත් පුදුමයක්. මගේ එකම අධිෂ්ඨානය වුණේ අරමුණ කරා යාමයි. හැරවුම් ලක්ෂ්‍යයක් තියෙනවා නම් තමන්ට ඒ ඉලක්කය කොතැනද කියලා සොයා ගත යුතුයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්