කලු වර්ණය කියන්නේ හරියට ලෝක සන්නාමයක් වගේ, ලෝකයේ වෙන කිසිම වර්ණයකට නොමැති ආකර්ණයක් කලු වර්ණයට  හිමි වෙනවා වගේම ලෝකයේ බොහෝ දෙනා කළු වර්ණයන්ගෙන් සැදුම්ලත් විලාසිතා හඹා යෑමට බොහෝ සේ ප්‍රිය කරනවා.

 

ලෝ ප්‍රකට බොහෝ විලාසිතා සංදර්ශන උළෙලවල්දීත් කලු වර්ණයන්ගෙන් සැදුම්ලත් විලාසිතාවන්ට හිමි වන්නේ  සුවිශේෂී ස්ථානයක්.

 

රැකියාවට , එදිනෙදා ගමන් බිමන් වලට, විවාහ උත්සව වලට වගේම අවමගුල් උත්සව වලටත් එකසේ ඇඳිය හැකි මෙම වර්ණයන්ට ලෝකයේ ආකර්ණය වැඩියෙන් හිමි වීම අරුමයක් නෙවෙයි.

 

මීට දශකයකට පමණ පෙර නම් කලු වර්ණයන්ගෙන් සැරසුනු මනාලියන් දැකීමට නොලැබුණු අතර, දැන් දැන් මානාලියන් විසින්ද තම මංගල ඇඳුම සඳහා කලු වර්ණය යොදා ගැනෙන අයුරු සුලබව දක්නට ලැබෙනවා.

 

බොහෝ විට බහුතරයක් පුද්ගලයන් සිය ඇඳුම් වලට අමතරව පාවහන්, අත්බෑග්, වෙනත් විලාසිතාමය උපකරණ තෝරා ගැනීමේදි ඒවා කලු වර්ණයන්ගෙන් තෝරා ගැනීමට උත්සුක වෙන්නේ, වෙනත් ඕනෑම වර්ණයක් සමග කලු වර්ණය එකට ගැළපීමට ඇති පහසුව නිසාමයි.

 

එමෙන්ම ලෝක රූප රාජිණී තරගවලදිද මෑත යුගය තුළ  කලු සම්බවයක් සහිත යුවතියන්ගේ ජයග්‍රහණයන් කිහිපයක්ම දක්නට ලැබුණු අතර, එය කලු වර්ණය සඳහා ලෝකයේ ඇති ඉඩකඩ පුළුල් වෙමින් පවතින බවට හොඳ ඉඟියක්.

 

ඇතැම් ආගමික මතවාදයන්ට අනුව කලු යක්ෂයාගේ හෝ අයහපතේ වර්ණය වුවද දැන් දැන් ඇතැම් පුද්ගලයින් ආගමික ස්ථාන සඳහාද කලු වර්ණයෙන් සැරසී ගමන් කරනු දක්නට ලැබෙනවා.

 

ඕනෑම දීප්තිමත් දෙයක ඇති දීප්තිය ක්ෂණිකවම නැති කිරීමට මේ වර්ණයට හැකි අතර, ඒ වගේම  කලු වර්ණය මත හිඳිමින්  වෙනත් වර්ණ වලට දීප්තිමත්ව බැබලීමේ හැකියාව ද පවතිනවා.

 

එමෙන්ම බොහෝ පුද්ගලයන් විසින් සිය ගෘහ භාණ්ඩ පවා කලු වර්ණයෙන් තෝරා ගැනීමට උනන්දු වන අතර, ඇතැම්විට කලු වර්ණය පිරිසිදු කිරීමට ඇති පහසුව එයට බලපායි.

 

පහතින් දක්වලා තියෙන්නේ කලු වර්ණයට මුල් තැන දීලා සිදු කරපු විලාසිතා, ගෘහ අලංකරණ හා වර්ණ ගැන්වීම් කිහිපයක් බලන්න ඔබත් කැමතිද කියලා ඒවට

 

 

 

සටහන :  newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්