ඊයේ (06) රාත්‍රියේ දී කොළඹ 07, කුරුඳුවත්ත විජේරාම හන්දියේදී සිදුවූ රිය අනතුරකින් 24 හැවිරිදි තරුණයෙකු මියගොස් තිබෙන බව වාර්තා වේ.

 රොස්මිඩ් පෙදෙසේ සිට විජේරාම හන්දිය දක්වා ධාවනය වෙමින් තිබූ යතුරුපැදියක පිටුපසින් පැමිණි මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අධික වේගය හේතුවෙන් මෝටර් රථය යතුරුපැදියේ ගැටී ඇති බවත් පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

රියදුරු බීමත්ව, අපරික්ෂාකාරී ලෙස රිය පැදවීම සහ රිය පැදවීමේදී නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇති අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ .

කුරුඳුවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්