ශ්‍රී ලංකාවේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 09 ක පුද්ගලයින් 10,000 කට අධික පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කලේ කෑගල්ල, රත්නපුර, කුරුණෑගල, පුත්තලම, ගම්පහ, කොළඹ, කළුතර, මහනුවර, මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවල පවුල් 2729 ක පුද්ගලයින් 10,885 දෙනෙකු දැඩි ලෙස පීඩාවට පත්ව ඇති බවයි.

අද පෙරවරු 06.00 වන විට එක් පුද්ගලයෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් 02 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පවුල් 69 ක පුද්ගලයින් 237 දෙනෙකු තාවකාලික ආරක්ෂිත ස්ථාන 09 ක් වෙත යොමු කර ඇති බව ඔවුන් වැඩිදුරටත් කියා සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්