තමන් කැමති ලෙස ජීවිතය විඳින්නට වයස් බේදයක් නැත,හැට පැන්නත් වඳුරන් බිම ඇවිද යන්නේ නැතිවාක් මෙන් කොතරම් වයසට ගියද තමන් කැමති ජීවිතය විඳින මිනිසුන් මේ ලෝකයේ ඕනෑ තරම් වෙති.

වයස අවුරුදු 92 ක් වූ මේ ” නරක වින්කල් ” හෙවත් හැඩකාර ආච්චි අම්මා මිලියන 3 ක අනුගාමිකයින් සහිත ඉන්ස්ටග්‍රෑම් ගිණුමකට හිමිකම් කියයි, ඒ අතර, ලොව සුපිරි චරිත වන Rihanna සහ Miley Cyrus ද වෙයි.

2014 වර්ෂයේදි මුල් වරට ඇගේ ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලාවන්හි වේගයෙන් සංසරණය වීමට පටන් ගත් අතර, එදා මෙදා තුර මේ වියපත් ආච්චි අම්මාට ලැබුණු ජනප්‍රියත්වය සුළු පටු නොවේ.

මෙලෙස ජනප්‍රියත්වයට පත්වීමට පෙර, ඇය ඉතා සාමාන්‍ය සාමාන්‍ය ජීවිතයක් ගත කල අතර, ඇයට අක්කර 6 ක කුඩා ගොවිපලක් තිබුණි. තම මුණුබුරු මිණිබිරියන් රැකබලා ගත් ඇය, සිය ගොවුපළ රැක බලා ගනිමින් කල් ගෙව්වාක් මෙන්ම, සෑම ඉරිදාවකම පල්ලියට යෑමටද අමතක නොකළාය. ඉන්පසු දිනක්, ඇගේ ලොකු දුව, කැපූ කොට කලිසමකින් සහ ටයි-ඩයි ටී ෂර්ට් එකකින් සැරසුනු ඇගේ පින්තූරයක් ගත් අතර, ඇය සිය මී මිණිබිරියගේ උපකාරය ඇතිව ඉන්ස්ටග්‍රෑම් ගිණුම අරඹා එම පින්තූරය එහි පළ කළාය.

සැබෑ ජීවිතය තුළ හෙලන් රූත් වෑන් වින්කල් නම් වූ ඇය ඉන්ස්ටග්‍රෑම් තුළ Baddie Winkle පරිශීලක නාමය භාවිතා කරන්නට පටන් ගත් අතර , සිය පළමු ඡායාරූපය පල කිරීමේදි යොදා ගත් “මම නරක බැ&ලියක් හැම විටම කැරලිකාරයෙක්,” යන කැප්ශනය හේතුවෙන් එය ලොව පුරා ඉන්ස්ටග්‍රෑම් පරිශීලකයන් අතර වඩාත් ජනප්‍රිය වීමත් සමග ඇගේ ගිණුම හා එක්වන්නන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් වර්ධන විය.

ඇය ඉන්ස්ට්ග්‍රෑම් හි පළ කරන අලංකාර දීප්තිමත් විලාසිතා හේතුවෙන් ඇතැමුන්ගේ චෝදනාවට බඳුන් වීමටද ඇයට සිදුවන අතර, සමහරුන් කියා සිටින්නේ, ඇය සිය වයසට නොගැළපෙන ආකාරයේ විලාසිතා සිදු කරන බවයි.

නමුත් වර්ෂ ගණනනින් කොතරම් වයසට ගියත් අදටත් තුරුණු හදවතක් සමග ජීවත් වන ඇය ලෝකයා කුමක් කීවද සිය කැමති ජීවිතය තුළ සතුටින් ජීවත් වෙයි.

පහතින් ඇත්තේ ඇගේ ඡායරූප එකතුවකි.

 

 

 

 

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්