COVID-19 රෝගයට එරෙහිව ලොව ප්‍රථම ආශ්වාස කරන එන්නත චීන රජය විසින් අනුමත කොට තිබේ.

ඒ බව එන්නත් නිෂ්පාදකයෙකු වන Cansino Biologics ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සදහන් වේ.

Convidecia Air නමින් හැඳින්වෙන එන්නත, nebuilzer භාවිතයෙන් එන්නතෙහි දියර ස්වරූපය aerosol බවට වෙනස් කරයි. එවිට එන්නත නෙබියුලයිසර් යන්ත්‍රය භාවිතයෙන් මුඛය හරහා ආශ්වාස කළ හැකිය.

එමෙන්ම අදාළ සමාගම කියා සිටින්නේ, අදාළ ඖෂධය එක් වරක් ආශ්වාස කිරීමෙන් පමණක් කොරෝනාවෛරසයට එරෙහිව ආරක්ෂාවක් සැලසෙන බව ය.

මේ අතර, බ්‍රිතාන්‍යය සහ අමෙරිකාව ද ආශ්වාස එන්නත් නිපදවීම සඳහා පර්යේෂණ සිදු කරමින් සිටී.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්