එක්සත් ජාතික පක්ෂයේ 76 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.

අද පස්වරු 3.00 ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී සංවත්සර උළෙල පැවැත්වීමට නියමිතයි.

එක්ව නැගිටිමු යන්න තේමා කර ගනිමින් උත්සවය පැවැත්වෙන බව පක්ෂයේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්