රුසියාවෙන් තෙල් ආනයනය කිරීමේදී මෙරට රජයට විශාල අභියෝග රාශියකට මුහුණ දීමට සිදු වී ඇති බව වාර්තා වේ.

 

ඒ පිළිබඳව දක්වමින් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා කියා සිටියේ, රටේ පවතින මූල්‍ය තත්ත්වය, ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහළ මට්ටමකට පත්ව තිබීම, ඉන්ධන සැපයුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් නොගෙවා තිබීම සහ මෙරට බැංකු පද්ධතියෙන් ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වීම යන කරුණු හේතුවෙන් රුසියාවෙන් මෙරටට ඉන්ධන ආනයනය කිරීමේදී ගැටළු මතු වී ඇති බවයි.

 

ඒ පිළිබඳව දක්වමින් ඔහු කළ ප්‍රකාශය පහතින්

 

“විශේෂයෙන්ම ඉන්ධන ආනයනයේ දී සැපයුම්කරුවන් ඉල්ලන බැංකු පහසුකම් ලබාදීමට නොහැකි නිසා බොහෝ අවස්ථාවන්වලදී එවැනි ආකාරයේ වගකීමක් ගැනීමට නොහැකි නිසා යම් යම් අවස්ථාවලදී ඉන්ධන ලබාදීමේ දී පෙරගෙවීම් කිරීමට අපට සිදුවෙලා තියෙනවා. විශේෂයෙන්ම රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කරලා තිබුණේ නෑ ඔවුන්ට අඩු මුදලට තෙල් නිකුත් කරන්න පුළුවන් කියලා. නමුත් දේශපාලන පක්ෂවල නායකයින් අවස්ථා කිහිපයක දී දන්වලා තිබුණා. සමහර පුවත්පත්වල වාර්තා කරලා තිබුණා. ඔවුන් ඒ තොරතුරු සහවුරු කරගැනීමෙන් තොරව තමා ඒක ප්‍රකාශ කරලා තිබුණේ. 

ශ්‍රී ලංකා රජය මේ වනවිට රුසියාවෙන් ඉල්ලීමක් කරලා තියෙනවා එවැනි පහසුකමක් ලබාදෙන්න පුළුවන් ද කියන එක ගැන. ඔවුන් මේ වනවිට දන්වලා තියෙන්නේ රජයේ සමාගම්වලින් රජයට ලබාදෙන්න එහෙම ඉඩක් නෑ කියන එක. ඔවුන්ගේ පෞද්ගලික සමාගම් තියෙන්නේ. ඒ පෞද්ගලික සමාගම් සමග ඍජුව ගනුදෙනු කළ යුතුයි කියන එක. ඒ අනුව අපිට ලබාදීලා තියෙනවා පෞද්ගලික සමාගම් කිහිපයක් රුසියානු තානාපති කාර්යාලයෙන් නාමලේඛනයක්. ඒ නාමලේඛනයට අනුව ඉල්ලීම් යවලා තියෙනවා. ඒ අනුව ඔවුන් අපට දන්වලා තියෙනවා පෙරගෙවුම් මත පමණයි ඔවුන්ට ඉන්ධන ලබාදෙන්න පුළුවන් කියලා. ඒ වගේම අපේ රටේ තියෙන ටෙන්ඩර් ක්‍රමයට ඔවුන් ඉදිරිපත් වීමට අකමැති බව දන්වලා තියෙනවා. කැමති නම් ඍජුවම ගිහින් ඔවුන් සමග දීර්ඝ කාලයකට ගිවිසුම්ගත වෙන්න ඕනේ. ඒකේ වාසි අවාසි දෙකම තියෙනවා. 

මේ රටේ තියෙන ප්‍රසම්පාදන ක්‍රමයත්, කෝප් කමිටුව ඇතුළු අනෙක් කමිටු ලබාදීලා තියෙන නිර්දේශ අනුව අපිට ප්‍රසම්පාදන ක්‍රමයෙන් පිටයන්න බෑ.  මේ වනවිට විවිධ දේශපාලන පක්ෂ නායකයින් හා විවිධ පුද්ගලයින් ඉල්ලීම් කරලා තියෙනවා රුසියාවෙන් මීට වඩා අඩුවට තෙල් ලබාදෙන්න පුළුවන් කියලා. ඒ සෑම යෝජනාවකටම අපි ලබාදීලා තියෙනවා ඇණවුම් සහතිකයක්. මේ අවස්ථාවේ රුසියාවෙන් තෙල් ආනයනය කරන්න සමාගම් 12කට වැඩිය දීලා තියෙනවා ඇණවුම් සඳහා ලිපි ලේඛන. නමුත් කිසිම සමාගම් මේ මාස 3 ඇතුළත තවම අපට ඇණවුම් සිදුකරලා නෑ.”

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්