ඔබට කවදා හරි කවුරු හරි කියලා තියනවද ඔබ වගේ තව කෙනෙක් දැකලා තියනවා කියලා, නැත්තම් “අරයා ටිකක් ඔයා වගේ” කියලා. සාමාන්‍යයෙන් මේ වගේ අංගසම රූපයන් නිවුන්  පුද්ගලයන් අතර දකින්නට තිබීම බොහෝම සුලබ දෙයක් වුණත්, කිසිම දවසක එකිනෙකාව මුණ ගැහිලා නැති, ලෝකයේ කෙළවරවල් දෙකක ජීවත් වෙන පුද්ගලයන් දෙදෙනෙකුටත් මේ වගේ සර්වසම රූප පිහිටලා තියෙන්න පුළුවන්.

 

අන්න ඒ වගේ එකිනෙකා අතර, කිසිම හැඳුනුම්කමක් හෝ ඥාතිත්වයක් නැති නමුත් රූපයෙන් එක සමාන පුද්ගලයන් ඡායාරූප ගත කරන ලෝ ප්‍රකට ඡායාරූප ශිල්පියෙක් තමයි François Brunelle  කියන්නේ.

 

මෙම කැනේඩියානු ජාතික ඡායාරූප ශිල්පියා විසින් එළිදක්වන්නට යෙදුණු “I’m not a look-alike!” නම් වූ යුගල ඡායාරූප ලෝකය පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වන අතර එමගින් ලෝකය පුරා වෙසෙන අසාමාන්‍ය ලෙස සමානකම් දැක්වූ පුද්ගලයන් බොහෝමයක් එළියට එනවා.

 

ඔහුගේ මෙම ඡායාරූප එකතුව හුදෙක් ඡායාරූප කලාවට එහා ගිය මහා පරිශ්‍රමයක ප්‍රථිපලයක්. 1968 වසරේ සිට මිනිස් මුහුණු අධ්‍යයනය කරමින් සිටි ඔහු මෙම ඡායාරූප එකතුව සඳහා වසර 12 ක පමණ කාලයක සිට බොහෝ වෙහෙස මහන්සි වී කටයුතු කර තිබෙන බවයි ඔහු කියා සිටින්නේ.

 

ඔහු පවසන ආකාරයට ප්‍රථමයෙන් ඔහු මෙලෙස සමානකම් ඇති පුද්ගලයන් සොයාගෙන ඇත්තේ හඳුනන පුද්ගලයන්ගේ මාර්ගයෙන් වුවත්, කල් යත්ම ඔහුගේ මෙම ඡායාරූප පිළිබඳව දැනගත් බොහෝ දෙනා ඒ සඳහා ඉදිරිපත් වී තිබෙනවා.

 

ඒ වගේම මේ කටයුත්ත සඳහා විවිධ වයස්වල ජීවත් වන ස්ත්‍රී පුරුෂ බොහෝමයක් දෙනා බේදයකින් තොරව යොදාගෙන ඇති අතරම, මෙම ඡායාරූප බැලූ බැල්මට පෙනී යන්නේ මේවා පවුලේ සාමාජිකයන් දෙදෙනෙක් විසින් ගන්නා ලද ඒවා බවයි.

 

පහත සඳහන් ඡායාරූප දෙස හොඳින් බලන්න, ලෝකය මොන තරම් පොඩි තැනක්ද කියලා ඔබටම හිතේවී, ඔව්, උත්සාහ කළොත්  අනිවාර්‍යෙය්න්ම ඔබ වගේම ඉන්න අනිත් කෙනා සොයා ගැනීමට ඔබටත් හැකිවේවි.

 

 

 

 

 

Website: http://francoisbrunelle.com, brunelle.com

සටහන : newsmania වෙනුවෙන් අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්