දවුලගල, යාලේගොඩ ප්‍රදේශයේදී අයහපත් කාලගුණ සහ අධික වැසි තත්ත්වය හේතුවෙන් නිවසක් මතට පැති බැම්මක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් තිබේ.

ඊයේ රාත්‍රී කාලයේදී සිදු වූ එම අනතුරින් එහි සිටි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බවත් අදාළ පුද්ගලයා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මරණකරු වයස අවුරුදු 39ක් වන යාලේගොඩ, හන්දෙස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය පේරාදෙණිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් දවුලගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

එමෙන්ම ඊයේ (සැප්. 5) දිනයේ අධික වර්ෂාවත් සමඟ ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇදවැටී එහි සිරවූ පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබුනි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මලියදේව ආදර්ශ විදුහලේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙකි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්