වැල්ලවත්තේ මහල් ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයෙක් මියයයි

වැල්ලවත්ත පොලිස් වසමේ, මායා මාවත ප්‍රදේශයේ පිහිටි මහල් 12කින් යුත් ගොඩනැගිල්ලකින් පුද්ගලයෙකු ඇද වැටී මිය ගොස් තිබෙන බව වාර්තා වේ.

ඊයේ (සැප්. 4) සවස් කාලයේදී මෙම අනතුර සිදුවී තිබෙන අතර ගොඩනැගිල්ලක 11 වන මහල පිරිසිදු කිරීමේ කටයුතුවල නිරතව සිටියදී එම මහලේ ජනේලයක් අසලදී බිම ඇද වැටී ඇති බවට මූලික විමර්ශනයේදී අනාරවණය වී තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ, වයස අවුරුදු 46ක් වූ කිරුළපන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්