වැඩි මිලට අලෙවිය සඳහා බිත්තර බෙදා හැරිය බවට අධිකරණය හමුවේ වරදකරු වූ ව්‍යාපාරිකයෙකුට හා වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් දෙදෙනෙකුට මුදලින් රුපියල් ලක්‍ෂය බැගින් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රත් රුද්‍රිකා ද සිල්වා හේවාවසම් මහත්මිය දඩ නියම කොට තිබෙන බව වර්තා වේ.

පරිභෝගික අධිකාරිය මගින් සිය භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බිත්තර හත්දහස් පන්සීයක් (7,500) රාජසන්තක කරන ලෙසට ද අතිරේක මහෙස්ත්‍රාත්වරිය තවදුරට ත් නියෝග කළා ය.

එමෙන්ම, රජයේ සහතික මිල වෙනුවට රුපියල් 49ට වැඩි මිලට බිත්තර අලෙවි කළ තවත් වෙළෙඳ සල් හිමියන් දෙදෙනෙකුට අතිරේක මහෙස්ත්‍රාත් හේවාවසම් මහත්මිය වෙන් වෙන් වශයෙන් රුපියල් ලක්‍ෂය බැගින් දඩ නියමකොට තිබේ.

මෙසේ දඩ නියම වූයේ අනුරාධපුයේ පදිංචි පුද්ගලයින් දෙදෙනකුට බව සදහන් වේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අනුරාධපුර දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රධානි සහ ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි බී.ඒ.සී.පී. පෙරේරා මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කරුණු සදහන් කරයි
(ම්ව්බිම)

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්