කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය මේ දිනවල බොහෝ දෙනා අතර ඉතාමත් ජනප්‍රියයි. එම ටෙලි නාට්‍ය හරහා එන චරිත අතරින් සමන්දිනිගේ චරිතය නිරූපණය කරන ඉෂංකා අබේසේකර බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය දිනූ තාරකාවක්.

විශේෂයෙන්ම ඇය සතු උතුරු ඉන්දියානු නිළියකගේ පෙනුම හා කැපී පෙනෙන සුන්දරත්වය නිසාම බොහෝ අය ඇය මලයාලම් සිනමාවේ තාරකාවක් යැයි සිතන අවස්ථා අප්‍රමාණයි.

ඒ පිළිබඳ ඇය දැක්වූයේ මෙවන් අදහසක්.

“චන්ද්‍රපාණි’ නිර්මාණය දැකපු බලපු හැමෝම හිතලා තිබ්බේ මම ලංකාවේ කෙනෙක් නෙවෙයි කියලා. ඒ වගේම මගේ මුහුණේ ඉරියව් මලයාලම් සිනමාවේ නිළියන්ට සමාන බව බොහෝ දෙනෙක් පවසනවා. පසුගියදා මම දායක වුණු ‘කන්මණී’ කියන photo shoot එක දැකපු හැමෝමත් ඒ කතාවම කිව්වා. මම නිර්මාණයක් කරනවිට මේකප් භාවිත කරන්නේ නෑ. නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් දකින්නේ ඇත්තම මාව.

සැබෑ ජීවිතයේ මම හරිම සංවේදී කෙනෙක්. නමුත් මම හරි ගැඹුරින් ජීවිතය දකින කෙනෙක්. මගේ ආගම බෞද්ධ. මම කර්මය විශ්වාස කරනවා. ඒ වගේම මම හරිම ආදරෙයි මගේ පවුලට. මට ජීවිතේ තිබෙන්නේ එකම බැඳීමයි. ඒ මාව පොඩිකාලෙ ඉඳන් හදාගත්ත මගේ ආච්චි අම්මා සමඟ තිබෙන බැඳීම. මම ආච්චි අම්මට අම්මා කියලයි කියන්නේ. මම මගේ පණ වගේ ආදරෙයි ආච්චි අම්මට. ඒ වගේම මගේ මල්ලිට මගෙ ළමයෙක්ට වගේ ආදරෙයි. මගේ අම්මා විදේශගතව ඉන්නේ. මම කැමැතියි මගේ අම්මා දිනෙක මම නිසා ආඩම්බර වෙනවා දකින්න.

වාසව බදුගේ මහතාගෙන් නිර්මාණය කරන ලද චන්ද්‍රපාණි රූප රචනය හරහා කලාවට පිවිසි ඇය මේදිනවල විවිධ කලා නිර්මාණවලට සම්බන්ධ වී සිටිනවා.

newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්