අද (05) දිනයේ තිරිඟු පිටි සම්බන්ධයෙන්දී තීන්දුවක් ගන්නා බව වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

එහිදී තිරිඟු පිටි සම්බන්ධයෙන් ගණනය කිරීම් ද සිදුකෙරෙන බවත් ඔහු කියා සිටී.

එමෙන්ම පාන් සම්බන්ධයෙන් පවතින මිල පිළිබඳව අද දිනයේ බේකරි හිමියන් සමග සාකච්ඡා කරන බව කියා සිටි ඔහු මේ වනවිට තිරිඟු පිටි, පාරිභෝගිකයාට අලෙවි කෙරෙන මිල සම්බන්ධයෙන් නිෂ්පාදන සමාගම්වලින් වාර්තාවක් ඉල්ලා ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්