ලොකු කුඩා කොයි කාගෙත් ඉතා ප්‍රියතම ආහාරයක් වන බිස්කට් අද වෙළදපොලේ ඉතා මිල අධික ආහාර වර්ගයක් බවට පත් වී තිබෙනවා. ඒ නිසාම බොහෝ අය අද වන විට බිස්කට් වර්ග මිලදී ගැනීම පවා ප්‍රතික්ෂේප කර තිබෙනවා. නමුත් මෙම බිස්කට් වර්ග වෙළදපොලෙන් මිලදී ගන්නවා වෙනුවට සීමිත අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් අඩු මිලකට නිවසේදීම සාදා ගැනීමට හැකි නම් කෙතරම් අගනේද?

එසේනම් අපි දැන් සූදානම් වන්නේ බිස්කට් වර්ග කිහිපයක් ගෙදර දීම ඉතාම පහසුවෙන් සාදා ගන්නා ආකාරය පිළිබඳ ඔබට අවබෝධයක් ලබා දීමටයි.

Coconut cookies

අවශ්‍ය ද්‍රව්‍ය
▪️බටර් 100g
▪️අයිසින් සීනී 50g
▪️බිත්තර 01
▪️පාන් පිටි 120g
▪️බේකින් පව්ඩර් තේ හැඳි 1/4
▪️බේකින් සෝඩා (ආප්ප සෝඩා තේ හැඳි 1/4
▪️වැනිලා එසන්ස් තේ හැඳි 01
▪️වියලි පොල් ( ඩෙසිකේටඩ් කොකනට්) 75g

සාදන ආකාරය

භාජනයකට බටර් සහ අයිසින් සීනි ටික දමා මදක් බීට් කරගන්න..එයටම බිත්තරය සහ වැනිලා එසන්ස් දමා විනාඩි 2-3 ක පමන කාලයක් බීට් කරගන්න.ඉන් පසු පාන් පිටි, බේකින් පව්ඩර් සහ බේකින් සෝඩා දමා තවත් විනාඩි දෙකක පමන කාලයක් බීට් කර අවසානයේ වියලි පොල් එකතු කර හොඳින් කලවම් කර ගන්න.. මෙම මිශ්‍රණය ශීතකරනයේ විනාඩි 20 ක් තබාගන්න..අවශ්‍ය වේලාවට ශීතකරනයෙන් ඉවතට ගෙන අතින් බෝල කර බටර් ගා ලයිනින් කරගත් තැටියක තබා , 160°C උශ්නත්වයේ විනාඩි 35-40 අතර කාලයක් බේක් කරගන්න.

wine biscuits (මෝනිස් වයින් බිස්කට් )

අවශ්‍ය ද්‍රව්‍ය

▪️සීනී 100g
▪️බටර් 50
▪️බිත්තර 02
▪️වැනිලා එසන්ස් තේ හැඳි 01
▪️බනානා එසන්ස් බිංදු 3-4
▪️ලුනු කුඩු ස්වල්පයක්
▪️පාන් පිටි 130 g
▪️බේකින් පව්ඩර් තේ හැඳි 1/2

සාදන ආකාරය

පලමුව භාජනයකට සීනි සහ බටර් දමා විනාඩි 3-4 ක් කාලයක් බීට් කරගන්න.එයට බිත්තර එක එක දමා හොඳින් බීට් කරගන්න.දැන් වැනිලා , බනානා එසන්ස් සහ ලුනු කුඩු ටික දමා බීට් කර අවසානයේ බේකින් පව්ඩර් දමා කලවම් කරගත් පාන්පිටි දමා විනාඩියක් පමන බීට් කරගන්න..මෙම මිශ්‍රණය පයිපින් බෑග් එකකට දමා ,එහි කුඩාවට සිටින සේ තුඩ කපා, බටර් ගා ගත් තෙල් කඩදාසියක් දැමූ තැටියකට එකකට එකක් නොගෑවෙන සේ පයිප් කරගන්න.ඉන් පසු 170°C රත් කරගත් උඳුනක විනාඩි 10-12 පමන කාලයක් බේක් කරගන්න.

Butter cookies

අවශ්‍ය ද්‍රව්‍ය

▪️අයිසින් සීනී 130g
▪️බටර් 200g
▪️බිත්තර 1 ,1/2 ක් පමන
▪️පාන් පිටි 335g
▪️බේකින් පව්ඩර් තේ හැඳි 01
▪️වැනිලා තේ හැඳි 01

සාදන ආකාරය

පලමුව පාන් පිටි වලට බේකින් පව්ඩර් දමා දෙවරක් හලා පසෙකින් තබාගන්න.දැන් භාජනයකට අයිසින් සීනී සහ බටර් දමා ක්‍රීම් පාට වනතුරු මදක් බීට් කරගන්න..එයට බිත්තර සහ වැනිලා එසන්ස් දමා බීට් කරගන්න.අවසානයේ පාන් පිටි ටික මෙම මිශ්‍රණයට දමා විනාඩියක් දෙකක් පමන කාලයක් බීට් කර ගන්න..ටිකක් ලොකු තරු නොසලයක් ( star nozzle ) දමාගත් පයිපින් බෑග් එකකට මෙම මිශ්‍රණය දමා ලයිනින් කරගත් තැටියකට එකෙනෙක්ට නොගෑවෙන සේ පයිප් කර 150°C උශ්නත්වයේ විනාඩි 30- 40 ක් පමන කාලයක් බේක් කරගන්න.

Chocolate chip cookies


අවශ්‍ය ද්‍රව්‍ය

▪️බටර් 200g
▪️දුඹුරු සීනී 125g
▪️සුදු සීනී 85g
▪️බිත්තර 1, 1/2
▪️පාන් පිටි 250g
▪️බේකින් පව්ඩර් තේ හැඳි 01
▪️කොකෝ පව්ඩර් මේස හැඳි 01
▪️චොකලට් චිප්ස් 100g

සාදන ආකාරය

භාජනයකට බටර්, රතු සීනී සහ සුදු සීනී දමා ටික වේලාවක් බීට් කරගන්න.එයටම බිත්තර දමා නැවතත් බීට් කරගන්න.දැන් බේකින් පව්ඩර් සහ කොකෝ පව්ඩර් දමා හලාගත් පාන් පිටි ටික එකතු කර මදක් බීට් කරගන්න..අවසානයේ චොකලට් චිප්ස් ටික දමා කලවම් කර ගන්න.මෙම මිශ්‍රණය පැයක පමන කාලයක් ශීතකරනයේ තබාගෙන හොඳින් හයි වූ පසු ශීතකරනයෙන් ඉවතට ගෙන බෝල කර ලයිනින් කරගත් තැටියක එකිනෙකට නොගෑවෙන සේ තබා 170°C උශ්නත්වයේ විනාඩි 30-45 කාලයක් බේක් කරගන්න්.

Ghee cookie ( ඟී කුකීස්)

අවශ්‍ය ද්‍රව්‍ය

▪️එළඟි තෙල් 50g
▪️අයිසින් සීනී 50g
▪️පාන් පිටි 100g
▪️බේකින් පව්ඩර් තේ හැඳි 1/2
▪️කිරි පිටි මේස හැඳි 01
▪️සුල්තානා ස්වල්පයක්

සාදන ආකාරය

සුල්තානා හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය භාජනයකට දමා අතින් හොඳින් කලවම් කරගන්න.මෙම මිශ්‍රණය ගෙන කුඩා බෝල සාද තෙල් කඩදාසියක් දමා ලයිනින් කරගත් තැටියක තබා ඊට උඩින් සුල්තානා එකක් තබා හිමින් ඇඟිලි තුඩු වලින් තද කරගන්න. 150 °C උශ්නත්වයේ කලින් රත් කරගත් උඳුනක විනාඩි 10-15 ක් බේක් කරගන්න.

Gnanakatha (ඥානකතා)

අවශ්‍ය ද්‍රව්‍ය

▪️වතුර 150ml
▪️සීනී 250g
▪️බිත්තර 1/2
▪️බටර් 80g
▪️පාන් පිටි 500g
▪️කිරි පිටි 40g
▪️බේකින් පව්ඩර් 15g
▪️කහ පාට හෝ ඔබ කැමති කලරින් බිංදු 2-3
▪️කැමති එසන්ස් වර්ගයක්

සාදන ආකාරය

භාජනයකට වතුර, සීනී, බිත්තර, බටර්, කලරින් සහ එසන්ස් දමා සීනී ටික දියවනතුරු බීට් කරගන්න. බේකින් පව්ඩර් දමා හලාගත් පාන් පිටි වලට කිරි පිටි මිශ්‍ර කර ඉහත මිශ්‍රණයට එකතු කර මද වේලාවක් බීට් කරගන්න.දැන් මෙම මිශ්‍රණය එක හා සමාන ප්‍රමාණයන්ට වෙන්කර බෝල කර උඩින් සීනී දවටා ලයිනින් කරගත් තැටියක තබා 160°C උශ්නත්වයේ විනාඩි 20-30 ක් බේක් කරගන්න.

උපදෙස් – ප්‍රවීණ සූපවේදීනී ඉයන්තිකා සිල්වා

සැකසුම – බිනාලි රාජපක්ෂ

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්