පසුගිය සෙනසුරාදා (3) රාත්‍රියේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 52 හැවිරිදි කාන්තාවක් සිය නිවස අසලදී පුද්ගලයෙකු විසින් සිදුකළ පහරදීමකින් මියගොස් තිබෙන බව වාර්තා වේ.

සැකකරු සහ නිවැසියන් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සැකකරු පහරදීම සිදුකර ඇති බවත් බරපතළ තුවාල ලැබූ කාන්තාව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙන බවත් පොලිසිය පවසයි.

සැකකරු හඳුනාගෙන ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ පවත්වයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්