අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමෙහි අත්‍යාවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (03) පෙරවරු 8.00 සිට 04 වන ඉරිදා අලුයම 02.00 දක්වා කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටද , මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සදහන් කරයි.

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කලේ කොටිකාවත්ත- මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද , රත්මලාන හා කටුබැද්ද යන ප්‍රදේශවලටද ජල සැපයුම අත්හිටුවන බවයි.
newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්