ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 71 වැනි සංවත්සරය අද දිනට යෙදී තිබේ. 71 වැනි සංවත්සරය වෙනුවෙන් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරු 1.30 ට ජාතික තරුණ සේවා සභාවේදී සාංවත්සරික සමුළුව පැවැත්වීමට නියමිතව තිබේ.

1951 වසරේ අද වැනි දිනක එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ මූලිකත්වයෙන් පිහිට වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 වසරේ සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේග එක්රැස් කරමින් එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා මෙරට සිව්වන ආග්‍රාමාත්‍යවරයා ලෙස අණ්ඩු බලය අත්පත් කර ගත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධානය වටා ජනතාව එක් රැස් කර ගනිමිනි.

එතැන් සිට අවස්ථා කිහිපකදී රටේ රාජ්‍ය පාලනය හෙබවීය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්