ඔබ ජංගල් බුක් නවකතා කියවා ඇතැයි සිතමි, එසේත් නැතහොත්   ඒ ආශ්‍රිතව නිෂ්පාදනය වූ චිත්‍රපටිය හෝ කාටූන් නරඹා ඇතැයි සිතමි, අවම වශයෙන් එම නම හෝ අසා ඇති බවට විශ්වාස කරමි, වන සතුන් විසින් ඇති කරනු ලබන කුඩා මිනිස් දරුවෙක් පිළිබඳව කියවෙන එම නිර්මාණ ලොව පුරා අතිශය ජනප්‍රිය භාවයට පත් වූ අතර, නමුත් බොහෝ දෙනෙක් නොදැන සිටි දෙයක් වන්නේ මෙම කතා පුවතට පාදක වූ සත්‍ය සිදුවීමක් ඇති බවයි.


අත්භූත සොයා ගැනීමක්

ඒ 1867 වර්ෂයේ දිනයකි, ඉන්දියාවේ බුලන්ඩ්ෂෙයර් ප්‍රදේශයේ දඩයක්කරුවන් පිරිසක් කැලය වෙත ගියේ දඩයම පිණිස සතෙකු සොයාගෙන වුවද ඔවුන්ට මුහුණ දීමට සිදු වූයේ එසේ මෙසේ පුදුමයකට නම් නොවේ.

සතුන් සොයා කැලය ඇතුළටම ගිය ඔවුන්ට ගල් ගුහාවක් වැනි ස්ථානයක් හමු වූ අතර, එය අසළ දුටු ජීවී වස්තුව සත්වයෙක් බවට අනුමාන කළ ඔවුන් එයට ඉලක්කය එල්ල කළැද , දුටු දසුනින් විපක්ෂිතව ගිය දඩයම් කරුවන් පිරිස දඩයම අතහැර ගුහාව අසළින් සොයා ගත් දේ රැගෙන නැවත ගම්මානය බලා පිටත් විය.

ඔවුන් විසින් එදින සොයා ගනු ලැබුවේ අන් කිසිවෙකු නොව ලොව පුරා බාල තරුණ මහළු කොයි කාගෙත් ආදරය දිනූ ජංගල් බුක් නවකතාවේ මෝග්ලි චරිතයට පාදක වූ සත්‍ය පුද්ගලයා වූ Dina Sanichar නැමති වන සතුන් ඇසුරේ හැදී වැඩුනු කුඩා මිනිස් දරුවායි.

 

Dina Sanichar

වසරා ගණනක් පුරාවට වෘකයන් ඇසුරේ හැදී වැඩුණු මෙම දරුවා, ගම්මානය වෙත ගෙන ඒමෙන් පසුව , දඩයම්කරුවන් විසින් ඔහුව මිශනාරි ළමා නිවාසයක් වෙත භාර දීම කටයුතු කළ අතර, එහිදි ” Dina Sanichar “ ලෙස නම් කළ මෙම කුඩා වනචාරී දරුවාට මිශනාරීවරුන් විසින් සත්ව හැසිරීම් වලින් මිදී මනුෂ්‍යයෙකු ලෙස ජීවත් වෙනු පිණිස, ඇවිදීම, කතා කිරීම, ඉඳ ගැනීම, ආහාර ගැනීම වැනි බොහෝ දේ පිළිබඳව ඉගැන්වීමට උත්සහ කළද, ඔහු කිසිදාක ඒවා ඉගෙන ගැනීමට සමත් වූයේ නැත.

 

අමු මස් කෑ වුල්ෆ් බෝයි

ඔහු සිකන්ද්‍රා ළමා නිවාසයේ රැඳී සිටි කාලය තුළ සනිචාර්ට මිශනාරිවරුන් විසින් දෙවන නමද ලබා දුන් අතර, ඔහුගේ කිසිදු හැසිරීමක් මිනිස් හැසිරීම් වලට වඩා සත්ව හැසිරීම් වලට සමාන වූ බැවින් “වුල්ෆ් බෝයි” නමින් ඔහුව හඳුන්වන්නට පටන් ගත්තේය.

ඔවුන්ගේ වාර්තාවලට අනුව, සනිචර්ගේ හැසිරීම මිනිසාගේ හැසිරීමට වඩා සතෙකුගේ හැසිරීමට සමාන විය. හතරගාතෙන් එහා මෙහා ඇවිද්ද ඔහුට දෙපයින් හිට ගැනීමට අපහසු විය. ඔහු අමු මස් පමණක් අනුභව කළ අතර දත් මුවහත් කර ගැනීම සඳහා ඇටකටු හපමින් සිටියේය.

 

හතර ගාතෙන් සිටින Dina Sanichar අමු මස් අනුභව කරන අයුරු

 

වරක් මෙම වුල්ෆ් බෝයි පිළිබඳව සඳහන් කරමින් සිය සගයෙකුට ලිපියක් ලිවූ ළමා නිවාසයේ පාලක විසින් සඳහන් කොට තිබුණේ ,

“ඔහුගේ මෙම කකුල් හතරෙන් ඇවිදීම පුදුම සහගතයි, ඔහු ඕනෑම කෑමක් කන්න කලින් ඒකේ සුවඳින් අදුර ගන්න අතර, ඒ සුවඳට අකමැති නම් ඒක විසි කරනවා.”

යනුවෙනි.

සැබෑ ජීවිතයේ මොග්ලි සමඟ සන්නිවේදනය කිරීම හේතු දෙකක් නිසා දුෂ්කර විය. එකක්, ඔහු ඔහුව රැකබලා ගත් මිෂනාරිවරුන් මෙන් එකම භාෂාව කතා කළේ නැත. ඔහුට තම අදහස් ප්‍රකාශ කිරීමට අවශ්‍ය වූ විට, ඔහු වෘකයෙකු මෙන් ගොරවන්නට හෝ කෑ ගැසීමට පටන් ගනී.

 

දෙවනුව, ඔහු කිසි කළෙක ඇඟිලි වලින් සිදු කරන සඥා තේරුම් ගත්තේ නැත. එකම භාෂාව කතා නොකරන පුද්ගලයින්ට සාමාන්‍යයෙන් තම ඇඟිලිවලින් විවිධ වස්තූන් වෙත යොමු කිරීමෙන් එකිනෙකා තේරුම් හැකි වුවද,. නමුත් වෘකයන් ඇඟිල්ල දිගු නොකරන බැවින් මෙම විශ්වීය අභිනය ඔහු කිසි කළෙකත් වටහා ගත්තේ නැත.

සානිචර් අවසානයේ මිෂනාරිවරුන් තේරුම් ගැනීමට ඉගෙන ගත්තද, ඔහු කිසි විටෙකත් ඔවුන්ගේ භාෂාව කතා කිරීමට ඉගෙන ගත්තේ නැත. සමහරවිට මිනිස් කථනයේ ශබ්දය ඔහුට ආගන්තුක වූ නිසා විය හැකිය.

සිගරට් හා ඇඳුම් ඔහු මිනිසෙකු බවට පෙන්වූ එකම සාධකයයි

අනාථ නිවාසයේ වැඩි කාලයක් රැඳී සිටිමෙන් අනතුරුව, ඔහු මිනිසෙකු මෙන් හැසිරීමට පටන් ගත්තේය. ඔහු කෙළින් සිටගෙන සිටීමට ඉගෙන ගත් අතර, මිෂනාරිවරුන්ට අනුව, ඔහුම ඇඳුම් ඇඳීමට පටන් ගත්තේය. ඇතැමුන් පවසන්නේ ඔහු සියල්ලටම වඩා මානුෂීය ගති ලක්ෂණය වන සිගරට් බීමට පටන් ගත් බවයි.

 

මෙහි වඩාත්ම සිත් ගන්නා කාරණය වන්නේ සිකන්ද්‍රා මෙහෙවර අනාථාගාරයේ ජීවත් වූ එකම වෘක දරුවා සනිචාර් පමණක් නොවීමයි. එහි පාලක ලුවිස්ට අනුව නම්, ඔහු සමඟ එම අනාථාගාරය තුළ වෘකයන් විසින් ඇති දැඩි කළ තවත් පිරිමි ළමයින් දෙදෙනෙකු සහ එක් ගැහැණු ළමයෙකු සිට ඇත.

එමෙන්ම , එම කාලය තුළ වෘකයන් විසින් ඇති දැඩි කරන ලද දරුවන්ගේ කථා ඉන්දියාව පුරාම දැක ගත හැකි වූ අතර. බොහෝ අවස්ථාවන්හීදී, දරුවන් රැකබලා ගන්නා මිෂනාරිවරුන් එය සනාත කරන්නට සිටි එකම මූලාශ්‍රය විය, එබැවින් ඔවුන් සැබවින්ම වල් සතුන්ද යන්න විවාදයට භාජනය වේ.

සමහරු විශ්වාස කරන්නේ මිෂනාරිවරුන් මාධ්‍ය අවධානය සඳහා ඒවා නිර්මාණය කර ඇති බවයි. තවත් සමහරු උපකල්පනය කරන්නේ දරුවන් කිසිසේත්ම සතුන් විසින් ඇති දැඩි කර නොතිබිය හැකි බවත් ඔවුන්ට ඇත්ත වශයෙන්ම බුද්ධිමය හෝ ශාරීරික ආබාධයක් තිබෙන්නට ඇති බවත්ය. එසේ වූ විට මිනිසුන් ඔවුන්ගේ හැසිරීම්
පිළිබඳව නිගමනවලට එළැඹීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කතා ඇති වන්නට ඇත.

හිමි නැති තැනක ගෙවූ කෙටි දිවියක අවසානය

1895 දී සනීචාර් අධික දුම්පානය හේතුවෙන් ක්ෂය රෝගයට ගොදුරුව මිය ගිය අතර ඒ වන විට ඔහුට වයස අවුරුදු 35 ක් විය.

නමු මෙහි වඩාත් දුක්බරම කාරණය වන්නේ ඔහු තම කෙටි ජීවිතයෙන් වැඩි කොටසක් ගත කළේ ඔහුව ඇති දැඩි කළ සතුන්ට වඩා වෙනත් පුද්ගලයින් සමඟ ය. ඔහු කිසි කළෙකකවත් රිසි පරිදි ජීවත් වීමට වරම් නොලැබූ අතර, ළමා නිවාසයේ ජීවිතයටද සම්පූර්ණයෙන්ම හැඩගැසුනේ නැත.

ඔහු වචනාර්ථයෙන් සැබෑ ජීවිතයේ Mowgli වුවත් නැතත්, Dina Sanichar ගේ කතාව Rudyard Kipling ගේ The Jungle Book පොත සමග කැපී පෙනෙන සම්බන්ධකම් පෙන්වූ බැවින් වඩාත් ජනප්‍රිය විය. නමුත් ඔහුගේ ජීවිතය කිසි කළෙකත් ඩිස්නි නිර්මාණය තරම් සුන්දර නම් වූයේ නැත.

ඒ වගේ තවත් කතා

 

කෙසේ වෙතත් සනිචාර්ගේ ගේ ජීවිත කතාවේ තොරතුරු සත්‍යාපනය කළ නොහැකි වුවද, එවැනි සත්‍ය කතා කිහිපයක්ම ලෝකය තුළින් හමුවේ. 90 දශකයේ උපත ලද යුක්‍රේන ජාතික දැරියක් වන ඔක්සානා මලයා කුඩා කාලයේදී මත්පැන්වලට ඇබ්බැහි වූ දෙමාපියන් ඇයව එළිමහනේ දමා ගිය අතර, පසුව අයාලේ යන බල්ලන් විසින් ඇති දැඩි කරනු ලැබ ඇත.

දිනක් සමාජ සේවකයින් විසින් ඇයව ඔවුන්ගේ භාරයට ගන්නා අවස්ථාව වන විට, ඇයට කතා කිරීමට නොහැකි වූ අතර ගාත් හතරෙන් එහා මෙහා යමින් සිටියාය. වසර ගණනාවක් ප්‍රතිකාර කිරීමෙන් පසු ඔක්සානා රුසියානු භාෂාව කතා කිරීමට ඉගෙන ගත්තාක් මෙන්ම වඩාත් සතුටුම කාරණය වන්නේ දැන් ගොවිපළක සේවය කරන ඇයට පෙම්වතෙකුද සිටීමයි.

එමෙන්ම ඉන්දියාවේ වනාන්තරයක් තුළ වෘකයන් සමඟ ජීවත් වූ වයස අවුරුදු හතරක ෂම්දියෝ නම් ඉන්දියානු පිරිමි ළමයෙකු පිළිබඳවද තොරතුරු වාර්තා වන අතර, එල්.ඒ. ටයිම්ස් පුවත්පතට අනුව, ඔහු හමුවන විට ඔහුට මුවහත් කළ දත්, දිගු කොකු නියපොතු සහ ඔහුගේ අත්ල, වැලමිට සහ දණහිස්වල කැළැල් තිබී ඇත . නමුත් ඔහු කුඩා කාලයේ මිය ගොස් තිබේ.

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්