පුත්‍රයෙකු විසින්  පියෙකුට පහර දී සිදු කළ ඝාතනයක් සම්බන්ධයෙන් රත්මලාන ප්‍රදේශයෙන් වාර්තා වේ.

 

මෙලෙස මිය ගොස් ඇත්තේ රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි 70 හැවිරිදි පුද්ගලයෙකි.

 

අදාළ  පියා මීට වසර කිහිපයකට පෙර සිටම ඔත්පලව සිට ඇති අතර, සැකකාර පුත්‍රයා මව හා පියා සමග ඇති කර ගත් ආරවුලක් හේතුවෙන් ඇතිවූ ගැටුමක් අතරතුර ඔවුන් දෙදෙනාට පහර දී ඇති අතර පහර කෑමට ලක්වූ පියා එම ස්ථානයේම මිය ගොස් ඇත. 

 

එමෙන්ම මේ වන විට අදාළ මවද පහර කෑමෙන් ලද  තුවාල හේතුවෙන් කලුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්