ඩුබායි හිදී අත්අඩංගුවට පත් වූ මෙරට ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන හරක් කටා හෙවත් නදුන් චින්තක මුදා ගැනීම සඳහා මෙරට නීතීඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් ඇත.

 

මේ පිළිබඳව දක්වමින් ආරක්ෂක අංශ ප්‍රකාශ කර සිටින්නේ, අදාළ නීතිඥ කණ්ඩායම විසින් එරට මානව හිමිකම් සංවිධාන හා මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන සමග සාකච්ඡා කොට හරක් කටාව මෙරටට ගෙන ඒම වැළැක්වීමට කටයුතු සැලසුම් කරමින් පවතින බවය.

 

මෙම හරක් කටා නැමති පුද්ගලයා මාසයක කාලයක් ඩුබායිහි රඳවා තබා ගැනෙන අතර තවත් දින 11කින් පසුව ඔහු ව මුදා හැරීමට කටයුතු කරනු ඇත.

 

කෙසේ වෙතත් මේ වන විට මෙරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුව විසින් හරක් කටා මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටියි.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්