ආසියානු කුසලානය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර බංගලාදේශය පරාජය කොට කඩුලු දෙකක විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට සමත් විය.

මුලින්ම පන්දුවට පහර දුන් බංගලාදේශ කණ්ඩායම කඩුලු හතක් දැවී ළකුණු 183 ක් ලබා ගන්නට සමත් වූ අතර, ඒ අනුව 184 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 19 යි බෝල දෙකක් අවසානයේ කඩුලු අටක් දැවී අදාළ ඉලක්කය ජය ගත්තේ ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ ජය ඝෝෂා මාධ්‍යයේයි.

මෙම තරගය තුල කුසල් මෙන්ඩිස් විසින් අර්ධ ශතකයක්ද වාර්තා කරනු ලැබුවේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලානය තුළ සුපිරි 4 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගන්නා ලදී.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්