දැනට පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය කල් දැමීමට උත්සාහ කළහොත් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් රජයට අනතුරු ඇඟවා තිබේ.

ඔහු රජයෙන් ඉල්ලා සිටියේ පළාත් සභා මැතිවරණය මෙන් පළාත් පාලන මැතිවරණයද කල් නොදමන ලෙසයි.

අන්තර්වාර ආණ්ඩුව පිහිටුවා ගත්තේ අතුරු කාලයකට බැවින් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩුව ද මහ මැතිවරණයකට යා යුතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනතාවට පරමාධිපත්‍ය හිමි වන අතර ජනතාවගේ ඡන්ද අයිතිය කාටවත් යටපත් කිරීමට නොහැකි බවත් ඔහු කියා සිටි.

ආණ්ඩුව ජනවරමට පටහැනිව ක්‍රියා කරන බව පැවසූ ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට ලබාදුන් ප්‍රතිඥාවන් සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය ඊට පටහැනි බවත් ඔහු පෙන්වා දුනි.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින්.

newsmania.lk 

 

මෙන්න බලන්න තවත් පුවත්