මීගමුව – කොච්චිකඩේ ප්‍රදේශයේදී මිනිස් පරිභෝජනයට නුසුදුසු මාළු කිලෝග්‍රෑම් 5670ක් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු ලොරි රථයක් සමඟ අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

හලාවත සිට මීගමුව දෙසට තොප්පුව පාලම අසලදී දුගඳ හමන මාළු ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථය පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

ලොරි රථය පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 34කට අධික වටිනාකමකින් යුත් මිනිස් පරිභෝජනයට නුසුදුසු මත්ස්‍ය තොගයක් සොයා ගෙන තිබෙන අතර ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු මීගමුව පිටිපන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි අයෙකු වන අතර ඔහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්