මරාගෙන මැරෙන බෝම්බකරුවෙක් යොදා ගනිමින් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනෙකු ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අතරින් දෙදෙනෙකු නිදහස් කොට තිබේ.

හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂමන් කුරේ නැමැති සැකකරුවන් දෙදෙනා මෙලෙස නිදොස් කොට නිදහස් කොට ඇති අතර, අදාළ නඩුව අද (1) ගම්පහ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම තීන්දුව ලබා දී ඇත.

2008 වර්ෂයේ අප්‍රේල් මස 6 වෙනිදා වැලිවේරිය කාන්ති ක්‍රීඩාංගණය අසලදී මරාගෙන මැරෙන බෝම්බකරුවකු මගින් හිටපු ඇමැති ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු 16 දෙනකු ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් 84 දෙනෙකු ඝාතනය කිරීමට තැත්කිරීම අදාළව චෝදනා 31ක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු කොටි සාමාජිකයකු වන සෙල්වරාජා තිරුබාකරන් සහ ගම්පහ එවකට හිටපු සහකාර පොලිස් අධිකාරි සෙනරත් ලක්ෂ්මන් කුරේට එරෙහිව චෝදනා ගොනු කර තිබුණු අතර, කෙසේ වෙතත් අද (1) මෙම නඩුව කැඳවූ අවස්ථාවේ අදාළ චෝදනා පිළිබඳව සලකා බලා ඔවුන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට විනිසුරුවරයා තීරණය කොට ඇත.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්