පසුගිය දා පැවති Miss England රූ රැජින තරගාවලියේ දී කිසිදු මේක්-අප් කිරීමකින් තොරව තරගාවලියේ අවසන් පූර්ව වටයට තේරීපත්වීමට බ්‍රිතාන්‍ය ජාතික මෙලීසා රවුෆ් හට හැකියාව ලැබී තිබුණා.

වසර 94 ක දීර්ඝ ඉතිහාසය තුළ, Miss England රූ රැජින තරගයේ දී කෘත්‍රිම හැඩගැන්වීමකින් තොරව ඉදිරිපත් වූ පළමු කාන්තාව ඇයයි.

මෙලීසා රවුෆ් විශ්ව විද්‍යාල සිසුවියකි. ඇය 2001 නොවැම්බර් 28 වන දින ලන්ඩනයේ හේස්ටිංස් හි උපත ලැබුවා. දැනට ඇය ලන්ඩනයේ කිංග්ස් කොලේජ් හි ශිෂ්‍යාවක් වන අතර දේශපාලන අධ්‍යාපනය හදාරමින් සිටියි. උත්සවයකට හෝ විනෝද චාරිකාවකට රූපලාවන්‍ය ද්‍රව්‍ය, ආලේපන පැළඳීම කාන්තාවන්ට අනිවාර්යයෙන් අවශ්‍ය නොවන බව ප්‍රකාශ කළ ඇය දැඩි විශ්වාසයකින් යුතුව මෙම තරගයට ඉදිරිපත් වීම විශේෂත්වයකි.

මිස් එංගලන්තයේ අධ්‍යක්ෂ Angie Beasley පවසා සිටියේ මෙම තරගයට මීට පෙර මේකප් රහිත නිරූපණ වටයක් හඳුන්වා දුන්න ද කෘත්‍රිම හැඩගැන්වීමකින් තොරව තරඟ කිරීමට තෝරා ගත් පළමු අවස්ථාව මෙය බවයි.

මෙම තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී සිය ස්වභාවික සුන්දරත්වයෙන් විනිසුරුවන් විශ්මයට පත් කරමින් බොහෝ ප්‍රේක්ෂක හදවත් දිනාගත් ඇය ඔක්තෝබර් 17 වැනිදා තවත් කාන්තාවන් 40 දෙනෙකු සමඟ Miss England කිරුළ සඳහා තරඟ වැදීමට නියමිතයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්