නෙළුම් කුලුනේ මෙහයුම් කටයුතු එළඹෙන සැප්තැම්බර් 15 වන දින සිට ආරම්භ කිරීමට නියමිතය.

 

මීට වසර කිහිපයකට පෙර දකුණු ආසියාවේ උසම ගොඩනැගිල්ල වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 113කට ආසන්න වියදමකින් ඉදිවූ මෙම කුලුන මෙතෙක් කල් කිසිදු ආර්ථික කටයුත්තක් සඳහා යොදා නොගත් අතර, අද (31) ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ජනතාව හට විනෝදාස්වාදය සහ නව තාක්ෂණික අත්දැකීම් ලබා දෙමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීමට සූදානම් බවයි.

 

මේ වන විටත් “කොළඹ නෙළුම් කුලුන පුද්ගලික සමාගම” විසින් ඒ සඳහා කටයුතු සැලසුම් කර ඇති අතර, ඒ අනුව බොහෝ දියණු රටවල සංචාරක ගොඩනැගිලි තුළින් ආදායම් උපයනවාක් මෙන් නෙළුම් කුලුන තුළින්ද ජාතික ආදායම සඳහා දායකත්වයක් ලබා දීමට අවස්ථාව සැලසේ.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්