හරක් කටාගේ ගෝලබාලයන් වන කුඩු බට්ටි නමැති කාන්තාවක් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායක නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මෙහෙයවීම යටතේ හෙරොයින් බෙදාහරින බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

රාජගිරිය ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 51ක් සමඟ රාජගිරිය සහ තංගල්ල ප්‍රදේශවල පදිංචි 40 හැවිරිදි කාන්තාවක් සහ 34 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය සදහන් කරයි.

සැකකරුවන් වැලිකඩ පොලිසියට භාරදී ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්