ලෝකය ටිකෙන් ටික ආකර්ෂණීය වර්ණ වලින් ඉවත්ව අඳුරු හා ඒකීය වර්ණ වෙත මාරු වෙමින් පවතී.

 

පරීක්ෂණ කණ්ඩායමක් විසින් 1800 කාලයේ සිට මේ දක්වා  ස්ථාන, උපකරණ ඇතුළු අයිතම 7000 කට අධික ප්‍රමාණයක් මගින් සිදු කරන ලද පරීක්ෂණයක් මගින් මේ බව තහවුරු වී ඇති අතර, ඔවුන් කියා සිටින්නේ මිනිසුන් විසින් පෙර භාවිතා කරන ලද දීප්තිමත් වර්ණ වෙනුවට ටිකෙන් ටික කළු, අළු, සුදු වැනි ඒකාකාරි වර්ණ වෙත යොමු වෙමින් පවතින බවයි.

 

මෙයට යම්තාක් දුරකට අවමවාදි ජීවන සංකල්පයේ බලපෑම් එල්ල කර ඇති අතර, මීට දශකයකට පමණ පෙර මෙරට වැසියන් පවා අතිශය දීප්තිමත් වර්ණ වලින් තම නිවාස පිරියම් කරද්දි, අද වන විට දැක ගත හැකිනිවාස බහුතරයක් සුදු හෝ අළු වර්ණයන් ආලේපිත ඒවා වේ.

එමෙන්ම ගෘහ භාණ්ඩ හා බුමුතුරුණු වැනි ඒවාගේද පෙර පැවති වර්ණවත් භාවයන් ක්‍රමයෙන් වියැකෙමින් පවතින අතර, වෙළඳපොළ තුළ මේ වන විට වැඩිම ඉල්ලුමක් නිර්මාණය වී ඇත්තේ සුදු, කළු, අළු හා ළ දුඹුරු වර්ණයන් වලටයි.

 

 

එමෙන්ම විලාසිතා පිළිබඳව සැලකීමේදීද තත්වය එලෙසම වන අතර බොහෝ පුද්ගලයන් විසින් සුදු, අළු, කළු හා ළ දුඹුරු පැහැති අවමවාදි සංකල්පය හා එකට මුසුවෙන දේ කෙරෙහි වැඩි ඉල්ලුමක් පවතින අතර, මේ වන විට විවාහ උත්සවයන් සඳහාද අළු හා කළු පැහැති මංගල ඇඳුම් ඇඳීම ආරම්භ වී ඇත.

 

 

ඇතැම්විට වර්තමාන ලෝකය තුළ පවතින දැඩි වෙහෙසකාරී කාර්යබහුල ජීවින රටාව මෙයට හේතුවක් වන්නට ඇති අතර, එමෙන්ම අවම වර්ණ කිහිපයක් තුළ තෝරා ගැනීම් සිදු කිරීමේදි ලැබෙන පහසුවද මෙයට බලපාන්නට ඇති.

 

එමෙන්ම ඉහත සඳහන් කළ ඒකාකාරි වර්ණ මගින් අවකාශයන් විශාල කර පෙන්වීමක් සිදු කෙරෙන බැවින් නිවාස හා ගෘහ භාණ්ඩ ආදිය සඳහා මෙවා බහුලවම යොදා ගැනෙන අතර, කෙසේ වෙතත් තව දශකයක් පමණ වන විට ලෝකයේ බහුතරයක් දේවල් දීප්තිමත් නොවන ඒකාකාරි වර්ණයන්ගෙන් හැඩ ගැන්වී තිබෙනු දකිනු හැකිවීමට බොහෝ සෙයින් ඉඩ කඩ තිබේ.

 

Source : https://tumblr.macleodsawyer.com/post/691054353059053568/color-has-been-disappearing-from-the-world

 

http://www.newsmania.lk

සටහන : අක්ෂි මාපා වීරසිංහ

මෙන්න බලන්න තවත් පුවත්