ඇය රූප රාජිණියකි. නිළියකි , කතුවරියකි, ජීවිතයේ 6 වන දශකය  ගෙවමින් සිටියද අදටත් තම පෙනුම නොනැසී පවත්වාගන්නියකි.

 

නමින් ඇන්ජලා සෙනවිරත්න වූ ඇයගේ ජීවිතය තුළ මෙතක් ආ දුර තුළ විවාහයන් කිහිපයක් සිදු කර ගත් අතර, දරුවන් කිහිප දෙනෙකුට ආදරණීය මව වන්නටද වරම් ලැබුවාය.  තම පළමු සැමියාගෙන් වෙන්වීම සමග තම දරුවාගේ අයිතිය ලබා ගැනීමට සටන් කළ ඇය අවසානයේ එය ජයග්‍රහණ කරනු ලැබුවේ වෙනත් රටක ඉතිහාසයක් පවා වෙනස් කරමිනුයි.

 

අද අපි ඔබට ගෙන එන්නේ ඇයගේ ජීවිතය පිළිබඳව බොහෝ දෙනෙක් නොදත් තොරතුරු කිහිපයකුයි.

 

දමි ළ  මවකට හා සිංහල පියෙකුට දාව උපන් ඇන්ජලා සෙනවිරත්න අතිශය රූමත් තරුණියක් වූ අතර, ඇයගේ පළමු විවාහය සිදු වන්නේ ඇගේ රූමත් භාවය නිසාම ඇයව පතා ආ විදේශිකයෙකු සමගයි.

 

මාලදිවයින ජාතිකයෙකු වූ තම පළමු සැමියා සමග ඇය විවාහ වීමට තීරණය කිරීමත් සමග එයට ඇගේ පියා විරුද්ධ වන අතර, කෙසේ හෝ තම ප්‍රේමය ජය ගත් ඇන්ජලා තම පළමු සැමියාව විවාහ කරගෙන මාලදිවයින වෙත යන්නේ අනාගත සුබ සිහින රාශියක් සිතේ දර ගනිමිනුයි.

 

කෙසේ හෝ මාලදිවයින වෙත යන ඇය කාලයක් යන විට එහි සංස්කෘතිය හා භාෂාව ගැන යම් තාක් දුරකට දැනුමක් ලබා ගන්නා අතර, කෙසේ නමුත් ඇගේ විවාහය දෙදරා යෑමට හේතු කාරණා මතු වන්නෙ ඇගේ සැමියා ඇය සිටියදීම වෙනත් විවාහයක් කර ගැනීම හේතුවෙනුයි.

 

ඔහුගේ සංකෘතිය අනුව එය ඉතාමත් සාමාන්‍ය කාරණාවක් වූ නමුත්,ඒ පිළිබඳව සතුටු නොවන ඇන්ජලා දික්කසාද වීමට තීරණය කරන අතර, නමුත් ඇයට ගැටළුවක් වන්නේ ඒ වන විටත් ඉතාමත් කුඩා දරුවෙකු වූ ඇගේ ලොකු දියණිය , මාලදිවයින නීතිය අනුව ඇයගේ සැමියාට හිමි වීමයි.

 

මාලදිවයින නීතිය අනුව දික්කසාදයකි දියණියගේ අයිතිය ඇගේ පියාට හිමි වන අතර, යම් හෙයකින් පියාට දියණිය බලා ගැනීමට අපහසු නම් ඇයගේ අයිතොයගේ ඉයාගේ මවට හෙවත් මිත්තණියට හිමිවේ.

 

කොහොම නමුත් තම දියණිය ලබා ගැනීමේ දැඩි උත්සාහයක නිරත වෙන ඇන්ජලාට ගැටළු කිහිපයකට මුහුණ දීමට සිදු වන අතර, ප්‍රධානම ගැටළුව වන්නේ ඒ වන විටත් මාලදිවයිනේ නීතී ක්ශේත්‍රය දියුණුව නොපැවතීමයි. ඒ කාල වකවානුව තුළ මාලදිවයිනේ නීතීඥවරුන් හෝ විධිමත් උසාවි පද්ධතියක් නොතිබුණු අතර, එමෙන්ම ඒ වන තෙක් කිසිම මවක් දික්කසාදයෙන් පසුව සිය දරුවාගේ හිමිකම ලබාගෙන තිබුණේ නෑ.

 

කොහොම නමුත් උත්සාහය අතනොහැරිය ඇන්ජලා තමා සේවය කළ තානාපති කාර්යාලයේ තනාපතිවරයාගේ උපදෙස් මත ඉංග්‍රීසි භාෂාවෙන් ඇති කුරණයක් ලබා ගෙන එහි මවක් සමබන්ධයෙන් ඇති සියළු වගන්ති සටහන් කොට ගෙන උසාවියට ඉදිරිපත්කොට තිබෙනවා.

 

එමෙන්ම ඇය මාල දිවයින ජනාධිපතිවරා හමුවී තම ගැටළුව ඉදිරිපත් කර සිටි අතර, කෙසේ හෝ ඇගේ සැමියාට ඒ වන විටත් දරුවන් සිව් දෙනෙකු සිටීම නිසා ඒ පිළිබඳව උසාවියට සඳහන් කර සිටි ඇන්ජලා, තමාට ඇති එක්ම වස්තුව තම දියණිය පමණක් බව ප්‍රකාශ කරනවා.

 

කොහොම නමුත් ඇන්ජලාට නීතියෙන් ඇගේ දියණියව හිමි වන්නේ එරට ඉතිහාසය පවා වෙනස් කරමිනුයි.

 

ඒ අනුව මාලදිවයින ඉතිහාසය තුළ දික්කාසදයකින් පසුව දියණියගේ අයිතිය ලබා ගත් පළමු කාන්තාව බවට ඇන්ජලා පත්වන අතර, කෙසේ නමුත් ඇය අදටත් තම පළමු ස්වාමි පුරුෂයා හා ඔහුගේ මව ආදරයෙන් මතක් කරනවා.

 

ඇය කියන ආකාරයට ඔවුන් දික්කසාද වන්නේ කිසිදු ආරවුලක් හේතුවෙන් නොවෙයි, තම ස්වාමියාගේ දෙවන විවාහය තමයි ඔවුන්ගේ වෙන් වීමට හේතුව, ඒ වගේම දික්කසාදයෙන් පසුවත් ඇගේ නැන්දම්මා විසින් මාස ගණනක් යන තුරාවට ඇයව හා දියණියව රැක බලාගෙන තියනවා.

 

ඇය කියා සිටින්නේ දියණියගේ අයිතිය තමාට හිමිවීම පිළිබඳව තම හිටපු ස්වාමි පුරුෂයා සතුටු වන බවයි.

මාලදිවයිනෙහි ජීවත් වූවානම් ඇයට නිදහස අහිමි වීම නිසා අද ගෙවන ජීවිතය  ඇතැම් විට නොලැබෙන්නට ඉඩ තිබුණු බව කියා සිටින ඇන්ජ්ලා තම දියණිය මේ වන විට ජෝර්ජියන් ජාතිකයෙක් සමග විවාහ වී ගෙවන ජීවිතය පිළිබඳව ඇය මෙන්ම ඇගේ හිටපු සැමියාද ඉතාමත් සතුටට පත් වන බව කියා සිටියා.

 

ඇන්ජලා සෙනවිරත්න මේ කරුණු හෙළි කර තිබුණේ පෞද්ගලික යූ ටියුබ් නාළිකාවක් හා සාකච්ඡාවකට එක් වෙමින් වන අතර, එහිදි ඇය තව දුරටත් කියා සිටියේ , ඇයගේ පළමු ස්වාමි පුරුෂයා හා තමා අදටත් හොඳ මිතුරන් වන බවයි. 

 

කෙසේ නමුත් කාලයක් පුරාවට බෙහෙවින් අසනීපව සිටි මේ තාරකාවිය මේ වන විට හොඳ සුවයෙන් සතුටින් සිටින අතර, News Mania අපි ඇයට නිරෝගී සම්පන්න ජීවිතයකට සුබාසිංශන පිරිනමනවා.

 

 

 

Source : https://www.youtube.com/watch?v=nY1JzifelnM

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්