ලාංකීය සිනමා කලාව තුළ බොහෝ ප්‍රේක්ෂක පිරිසකගේ ඇස ගැටෙනා සුරූපී නිලි අනුෂා දමයන්ති රංගනයට මෙන්ම නර්තනයටත් එකසේ දස්කම් ඇති තාරකාවක්.

විවිධ කලා නිර්මාණ වලට සම්බන්ධ වෙමින් කාලය ගත කරන ඇයගේ සුවිශේෂවූ කලා හැකියාවන් නිසාම ප්‍රේක්ෂකයන්ගේ ආදරය අතීතයේ පටන් අදටත් නොඅඩුව ලැබෙමින් පවතිනවා.

මෙම වසර අවසානයට පෙර විවාහයේ කටයුතු සඳහා සූදානම් වෙමින් සිටින ඇය සිය පෙම්වතා පිළිබඳ අදහස් දැක්වූයේ මෙලෙසයි.

අපේ ආදරේ ට දැන් වයස අවුරුදු 14ක් වෙනවා. ඒ කාලේ ඩාන්සින් ස්ටාර් වැඩසටහනට සම්බන්ධ වෙමින් ඉන්නකොට තමයි ඔහු මට කතා කළේ. පළමු දවසේ කතාබහ අවසන් කළා ඒක ඉවරයි. මොකද ඒ වෙද්දී මගේ ෆෝන් එකට එන කෝල්ස් එස් එම් එස් බොහෝයි. ඒ නිසා විශේෂයෙන් ඔහුව මතක නැහැ . ටික දවසක් යද්දී රසිකයින්ගෙන් එන වෙන එස් එම් එස් වලට වඩා මෙයාගෙන් එන SMS වෙනස්. පරිස්සමින් ඉන්න කෑවද වෙලාවට කන්න වගේ වචන එන්නේ. මම බැලුවා කවුද මේ කියලා. ඒත් මම ඒවාට උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ තරගයෙන් ඉවත් වුණාට පස්සේ කෝල් එකක් ආවා. ‘ඔයා ඉන්නම ඕන කෙනෙක් අපරාදේ‘ කියලා. ඊට පස්සේ ඉදලා ටික ටික කතාබහ කරන්න පටන් ගත්තා. මට ආදරය කළ රසිකයින්ට වඩා ඔහු වෙනස් කෙනෙක් බව තේරුණා. දවසක් එයා කිව්වා එයත් ඩාන්සින් කරලා තියෙනවා කිව්වා. එක ෂෝ එකකට මට පාට්නර් කෙනෙක් හිටියේ නැහැ. එයාට මම කතා කළා. එයා ආවා. රියසල් එකක් කරලා ෂෝ එකත් කරා. ඒ කතාව ඉවරයි. ආදරේ කරනවා කියලා හිතුවෙත් නැහැ දැනුණෙත් නැහැ. නමුත් කතාබහ කළා. එයාගේ විස්තර කිව්වා. ඔහොම ඉන්නකොට එකපාරටම එයා මගෙන් එයාට කැමති ද? මම ඔයාට කැමතියි කිව්වා. මාත් පුදුම වුණා.

ඇගේ ප්‍රේමය ආරම්භ වන්නේ 2008 වසරේදී.
ඇය හා පෙමින් බැදෙන ඔහු කායවර්ධන විනිසුරුවරයෙක් ව්‍යාපාරිකයෙක් ලෙස කටයුතු කරනවා.

ඇගේ කලා කටයුතු වලට ඉඩ හසර ලබාදෙමින් ඇයට සෙවනැල්ලක් සේ නිරතුරුවම ඇය සමඟ ඔහු සිටින්නේ ඔවුන් දෙදෙනා අතර ඇති ඒ අසීමිත ප්‍රේමය නිසයි.

ඔහුගේත් ඇයගේත් ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

source – රසදුන

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්