ලාංකේය කලා තරු අතරේ විවිධ හැකියාවන් ඔස්සේ කලා ක්ෂේත්‍රයට එන සුරූපී නිළියන් අතරේ වෘත්තීය වශයෙන් ගුවන් සේවිකාවක ලෙස සේවයේ නිරත වන ඇය නමින් දිනිති වල්ගමගේ.

“ආශාවරී” චිත්‍රපටයෙන් දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඇය රංගනයට මෙන්ම නිවේදනයටත් දස්කම් දක්වන්නියකි.

පසුගිය කාල වකවානුවේදී විවිධ සිදුවීම් නිසා ඇය පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ විවේචන එල්ල වුවද ඇය සිය කලා කටයුතුවලට සහභාගි වෙමින් නොබියව ඉදිරියට යන්නීය.

ඒ කෙසේ වුවද මේ වන විට ඇය පෙම්වතියක් යන්න බොහෝ දෙනා අතර කටකතා පවතී.

මේ ඒ පිළිබඳව සති අන්ත පුවත්පතක් ඇය සමඟ සිදු කළ සුහද පිළිසඳරක කොටසකි.

ජනප්‍රිය නළු සංගීත් සතරසිංහ  සහ ඇය පෙම්වතුන් ද යන්න බොහෝ දෙනා අතර කටකතා පැවතිවද ඒ පිළිබඳව ඇයගෙන් විමසීමේ දී ඇය පිළිතුරු දුන්නේ මෙලෙසයි.

එහෙම කතාවක් මම දන්නේ නැහැ. මම, සංගීත්, දෙව්නක, අංජලී, හෂිනි, සංගීත්ගේ අම්මි, තාත්ති අපි හැමෝම යහළුවෝ. මම වැටුණු වෙලාවක මට ප්‍රශ්නයක් පැමිණෙන වෙලාවක මම සමඟ සිටින පිරිස තමයි ඔවුන්. පවුලක් වගේ මගේ ළඟින් හිටියේ එයාලා. ඔවුන් සමඟ සිටින විට හරිම සැහැල්ලුයි. සංගීත්ගේ අම්මි වුණත් අපිව ළමයි වගේ බලා ගන්නවා. හොඳ මිනිසුන්ට හොඳ මිනිස්සු හම්බවෙනවා. අපි එක පවුලක් වගේ. සංගීත්ගේ පවුලේ අය සමඟ සිටිනකොට මට එතැන ආරක්ෂාවක් තිබෙනවා කියලා දැනෙනවා. මමත් ජීවිතේ විඳින මනුස්සයෙක්. එයාලත් ජීවිතේ විඳන මිනිස්සු. මට ජිවිතේ සතුටක් ලැබෙනව නම් මම යන්නේ සතුට තිබෙන තැනට.

එපමණක් නොව ඇය කියා සිටියේ ඇය සහ සංගීත් දැනට හොඳ යහළුවන් පමණක් බවයි. ඔවුන් දෙදෙනාගේ ගැලපීමක් ඇත්නම් ඉදිරියේදී එකතු විය හැකි බවත් කෙසේ නමුත් ඉදිරියේදී කුමක් වේද යන්න ඔවුන්ට කිව නොහැකි බවත් ඇය සදහන් කළා.

විශේෂයෙන්ම විවාහයේදී ඇය බලාපොරොත්තු වෙන්නේ ඇයගේ පියා මෙන් ඇයට ආදරය කරන අයෙකු බව කියා සිටි ඇය එවැනි ආදරයක් ලැබුණොත් අනිවාර්යෙන්ම විවාහ වන බවත් එමෙන්ම ඇයගේ විවාහය කිසිවකුටත් ප්‍රශ්නයක් නොවිය යුතු බව ඇය පැවසුවා.

මට මගේ තාත්තා වගේ ආදරය කරන කෙනෙක් ලැබෙනකම් මම ඉන්නවා. මගේ තාත්තා මගේ අම්මට ආදරය කරනවා වගේ මටත් ආදරය කරන කෙනෙක් ලැබුණොත් මම අනිවාර්යෙන්ම විවාහ වේවි. හොඳ කෙනෙක් ලැබෙයි. එතකම් මේ විධියට ඉන්නවා. මම හිතන්නේ නැහැ ඒක කාටවත් ප්‍රශ්නයක් වෙයි කියලා.

මේ වන විට අලුත් චිත්‍රපටයක් සඳහා සූදානම් වන ඇයගේ ඉදිරි කලා කටයුතු තවතවත් සාර්ථක වේවා කියා අප හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

 

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්