ජනප්‍රිය නිළි මේනකා පීරිස් රංගන ක්ෂේත්‍රය තුළ බොහෝ ප්‍රේක්ෂක පිරිසගේ සිත් ගත් චරිතයක්.

නර්තනයටත් නිවේදනයටත් රංගනයටත් එකසේ දස්කම් ඇති ඇයගේ කලා හැකියාවක් නිසා කලා ක්ෂේත්‍රය තුළ සම්මාන රැසක්ම දිනාගන්නට ඇයට හැකියාව ලැබුණා.

පසුගිය කාල වකවානුව පුරාවටම මේනකා පීරිස් යන චරිතය එතරම් කතාබහ නොවුනත් ඇයගේ විවාහයන් තුළ වූ විවිධ හැලහැප්පීම් දෙදරා යාම නිසා ඇය බොහෝ විවේචන වලට භාජනය වුණා.

මේ වන විට ප්‍රචාරක ආයතනයක හිමිකරු වන දිල්ෂාන් පතිරණ සමඟ විවාහ වී සාර්ථක යුග දිවියක් ගත කරන ඇය සිය පුතුගේ පළමු වන උපන් දිනය සමරමින් යළිත් ප්‍රේක්ෂකයන් අතරට ආවේ මෙහෙමයි.

ඒ වගේම ඇය සිය පුතුගේ උපන් දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කල සියලු දෙනාටම ප්‍රණාමය එක්කරමින් ඇය සිය මුහුණු පොතට ආදරණීය සටහනක් එක් කර තිබුණා.

 

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්