කෙස් කළඹක සුන්දරත්වය කාන්තාවකට ඇති වටිනාතම ආභරණයකි.

කෙස් කළඹ කෙතරම් සුන්දරවුනත් ඒ තුළ හටගන්නා හිස්හොරි සෑම කෙනෙකුටම පාහේ මතුවන ගැටලුවකි.

එසේ නම් දේශීය ඖෂධ භාවිත කරමින් හිස්හොරි නැතිකර දැමීමට ආයුර්වේදීය ඖෂධයක් නිවසේදීම සාදා ගත හැකි අන්දම පිළිබඳව සාකච්ඡා කිරීමට අද අපි සූදානම්.

මේ සඳහා අවශ්‍ය වෙන්නේ

දෙහි හෝ ලෙමන් ගෙඩි 02 ක්
උළුහාල්
වතුර ස්වල්පයක්

පළමුව දෙහි හෝ ලෙමන් ගෙඩි 2 ක් ගෙන හොඳින් ලෙලි හැරගන්න. ලෙලි හැරගත් පසුව ඒවා කැබලි 2 කට පමණ කපා උළුහාල් ස්වල්පයක් සමඟ වතු – රට දමා තම්බා ගන්න.

තැම්බූ වතුරත් සමඟම එම ද්‍රව්‍යන් සියල්ල බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර්කර කැඳ වැනි ස්වභාවයකට සෑදුණු පසුව භාජනයකට දමා ගන්න. පසුව පහසු පරිදි හිසෙහි ගල්වා පැය භාගයක් හෝ පැයකට පසු පිරිසුදු ඇල් දියෙන් සෝදා හරින්න.

මෙමඟින් හිසෙහි ඇති අපිරිසුදු ද්‍රව්‍ය හා රැඳී තිබෙන හිස් හොරි සියල්ලම පහසුවෙන් ඉවත් කර
ගැනීමට හැකියි. ඔබගේ අවශ්‍යතාවය මත සතියකට වතාවක් වුව ද මෙම ආයුර්වේද ප්‍රති කර්මය සිදු කළ හැකියි.

මේ ආකාරයටම නිවෙසේදීම සිදුකළ හැකි තවත් ආයුර්වේද ප්‍රතිකර්මයක් ඇත. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ ඔසුසල්වල ඇති “පිණ්ඩ තෙල්” නම් තෙල් වර්ගයකි.

පළමුව පිණ්ඩ තෙල් ස්වල්පයක් උණු කරගන්න. රත් කරගත් එම තෙල් ස්වල්පය මඳ රස්නයෙන් හිසෙහි ගල්වා හිස හොඳින් සම්බාහනය කරගන්න. සම්බාහනය කිරීමෙන් අනතුරුව පිරිසුදු තුවායක් ගෙන උණුවතුරෙන් පොඟවා මිරිකා හිස වටා ආවරණය කර ගන්න

ස්වල්ප වේලාවක් හිඳ හොඳින් හිස සෝදා හරින්න. මෙය ද සතියකට වතාවක් කිරීම සුදුසුය.

උපදෙස් –
කොළඹ විශ්වවිද්යාලයේ දේශීය වෛද්‍ය විද්‍ය ආයතනයේ ජ්යෙෂ්ඨ කථිකාචාර්ය හා හිටපු අධ්යක්ෂ.ආර්. එස්. ජයවර්ධන.

සටහන – බිනාලි රාජපක්ෂ

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්