ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් අතර පසුගියදා පැවැති හමුවේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගොඩනැගීම තවදුරටත් කල් යන්නේ නම්, කඩිනමින් රාජ්‍ය අමාත්‍ය ධූර පත් කරන්නැයි, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් කණ්ඩායමක් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා සඳහන් කළේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුමැතිය යටතේ, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් පිරිස සහ ජනාධිපතිවරයා අතර හමුව සිදුවූ බවයි.

අද (28) පස්වරු 5.00ට ආණ්ඩු පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රි කණ්ඩායමේ රැස්විමක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශයේදී පැවැත්වීමට නියමිතය.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්