ඔබ අනුක්‍රමක ඝා. තකයන් ගැන බොහෝ කතා අසා ඇතැයි සිතමි එමෙන්ම අනුක්‍රමික ඝා. තකයන් පිළිබඳ සිදුවීම් අළලා නිර්මාණය වූ බොහෝ මාලා නාටක මෙන්ම චිත්‍රපටද නරඹා ඇතැයි සිතමි, නමුත් මම ඔබට කියන්නට යන මේ කතාව තුළ ඇත්තේ ඔබ ඇසූ දුටු එවැනි නිර්මාණවල වත් නොමැති තරම් මනුෂ්‍ය ඝා. තනයන් සිදු කළ මෙළොව එදා මෙදා තුර ජීවත් වූ වැඩිම මිනිස් ජීවිත ගණනකට වග කිව යුතු වූ දාම ඝා. තකයන් පිළිබඳ තොරතුරුය.
පුද්ගලයෙකු දාම ඝා.තකයෙකු වන්නේ කුමනාකාරයේ හේතුවක් මතද යන්න තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි අතර, මේ වන විටත් මනෝවිද්‍යාඥයන් ඇතුළු බොහෝ පිරිස් විසින් පුද්ගලයෙකු අනුක්‍රමික එසේත් නැතහොත් දාම ඝා. තකයෙකු බවට පත් වන්නේ කුමන හේතුවක් මතද යන්න පිළිබඳව ස්ථීර පිළිතුරක් ලබා දීම සඳහා විවිධ පරීක්ෂණ සිදු කරමින් සිටියි.
කෙසේ වෙතත් අප විසින් පෙර සඳහන් කළ පරිදි පහත දැක්වෙන්නේ ඔබ එදා මෙදා තුර ඇසූ දුටු මෙළොව වඩාත්ම බිහිසුණු එසේත් නැතහොත් තම ජීවිත කාළය තුළ ඇතැම් විට තමන් ජීවත් වූ වසර ගණනටත් වඩා වැඩියෙන් මනුෂ්‍ය ඝා. තන සිදු කළ මිනිස් වෙසින්  පෙනී සිටි ලේ  පිපාසිත පිශාචයන් බඳු පිරිසගේ ලැයිස්තුවයි.

 

ටෙඩ් බන්ඩි (1946-1989)

 

මෙම නාමය අනුක්‍රමික ඝා. තකයන් පිළිබඳව තොරතුරු සෙවීම සඳහා උනන්දුවක් දක්වන පිරිස අතර බොහෝ සෙයින් ජනප්‍රිය නාමයකි.

 

ඉතාමත් වැදගත් තරුණ මහතෙකු ලෙසින් පෙනී සිටිමින් තරුණ ජීවිත විශාල ප්‍රමාණයකට වග කිව යුතු මේ මිනිසා සමජයට බොහෝ වැදගත් මහත්මෙකු ලෙසින් පෙනී සිටි එක් දරු පියෙකි. තමන් හට දියණියක් සිටියද, තම දියණිය බඳුම තරුණ හා නව යොවුන් වියේ පසුවූ බොහෝ තරුණියන්ගේ ජීවිත බිලිගත් මොහු විසින් සිදු කළ ඝා. තන සංඛ්‍යාව 30 කට අධික බව පැවසේ.

 

ටෙඩ් බන්ඩි ගේ ගොදුරු බවට පත් වූ කිහිප දෙනෙක්

 

ඇමරිකාවේ ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ ජීවත් වූ මොහු කැරොල් ඈන් නම්වූ කාන්තාවක්  සමග විවාහව සිටි අතර, ඇයද කිසි දිනක තම ස්වාමියා මෙතරම් දරුණු මනුෂ්‍යයෙකු බව දැන සිට නැතැයි පැවසේ.

 

ටෙඩ් බන්ඩි

කෙසේ වෙතත් ඔහු විසින් ස්ත්‍රීන් පැහරෙන ගෙන ගොස්, ඔවුන් දූෂ ණයට ලක් කොට ඇතැම් විට අවයව  කපා දැමීම සිදු කර  ඇති අතර, එමෙන්ම එම කාන්තාවන්ගේ හිස් සිහිවටන ලෙස තබාගැනීමද  සිදු කොට තිබේ.

 

කෙසේ නමුත් ඉතාමත් සූක්ෂම ආකාරයෙන් ස්ත්‍රීන් වසඟයට ගනිමින් සිය මිලේච්ඡ පිපාසාව සංසිඳව ගත් පුද්ගලයා නීතියේ රැහැනට හසු වන්නේ, ඔහුගේ ග්‍රහණයට ලක් වූ එක් කාන්තාවකට පළා යෑමට අවස්ථාව හිමි වීමත් සමගයි. ඉන් අනතුරුව ඔහු ගැන සියළු තතු නිරාවරණය වන අතර, නීතියේ හමුවේ තමා ඝා. තන 30 ක් පමණ සිදු කළ බවට ඔහු විසින් පිළිගත්තද, පොදු විශ්වාසය වන්නේ ඔහු ඊට වඩා බොහෝ ජීවිත වලට වග කිව යුතු බවයි.

 

හැරල්ඩ් ෂිප්මන් (1946-2004)

 

“මර.ණයේ වෛද්‍යවරයා” නම් අනවර්ථ නාමයෙන් හැඳින්වෙන හැරල්ඩ් ෂිප්මන් 1972 සහ 1998 අතර කාලය තුළ  රෝගීන් 218 දෙනෙකු ඝා. තනය කිරීම සම්බන්ධයෙන්  වගකිව යුතු බවට සැලකේ.

 

හැරල්ඩ් ෂිප්මන්

වෙනත් වෛද්‍යවරුන් මිනිසුන් ජීවත් කරවීම උදෙසා තම වෘත්තිය යොදා ගනිද්දි මෙකී පුද්ගලයා සිය වෘත්තිය තුළ තමා හට ලැබෙන අවස්ථාවන් උපයෝගී කරගමින් මිනිස් ජීවිත බිලි ගැනීමේ නපුරු සෙල්ලමක නිරත වී සිටියේය.

 

වෛද්‍යවරයෙකු වීම තුළින් රෝගීන්ට ලං වීමට ඇති පහසුව උපයෝගි කර ගත් ඔහු මෙම අපරා. ධය දිගින් දිගටම කර ගෙන ගියද නමුත් ඔහු භාරයේ සිටින රෝගීන් මිය යෑම අසීමාන්තික ලෙස ඉහළ යෑම හේතුවෙන් සමාජයේ සාධාරණ සැකය ඔහු වෙතට එල්ල වීම ආරම්භ වූ අතර, ඒ සමගම ටිකෙන් ටික ඔහුගේ සැබෑව හෙළිදරව් වන්නට විය.

 

හැරල්ඩ් ෂිප්මන් ගේ පවුල

ඔහුගේ ගොදුරු බවට පත් වූවන්ගෙන් වැඩි දෙනෙක් වයෝවෘද්ධ කාන්තාවන් වන අතර, ඔවුන් නින්දේදී මිය ගිය බව ඔහු පැවසීය. නමුත් මෙම කාන්තාවන්ගෙන් බොහෝ දෙනෙක් දිවා කාලයේදී මිය ගිය අතර එහි කිසියම් ගැටළුවක් පවතින බව හඳුනා ගැනීමත් සමග ඔහු වටා පරීක්ෂණ ආරම්භ විය. කෙසේ වෙතත් සියළු විමර්ශන හා නඩු විභාග වලින් අනතුරුව ඔහු විසින් සිදු කළ බොහෝ අපරා.ධයන් හෙළිදරව් වූ අතර, 2000 වර්ෂයේදි ඔහුට විරුද්ධව දඬුවම් නියම කරන ලදී.

 

නමුත් ඔහු කළ අපරා. ධයන්ට නිසි දඬුවම් ලැබීමට පෙරම 2004 වසරේදි  ඔහු සිරගෙදර තුළම සිය.දිවි නසා ගත්තේය.

 

අන්ද්‍රෙයි චිකාටිලෝ  (1936- 1994)

 

1978 සිට 1990 කාලය තුළ රුසියාව භීතියෙන් මුසපත් කළ මෙම අනුක්‍රමික ඝා.තකයා  “රොස්තොව්හි මස්කාරයා”, ලෙසින්ද හැඳුන්වන අතර,ඔහු විසින් බිලිගත් ජීවිත සංඛ්‍යාව 50 කට අධික බව සැලකේ.

 

ඔහු තරුණියන් සහ ළමුන් 50කට වැඩි පිරිසකට ලිං. ගික අත වර කිරීම් සිදු කර,  ඝා. තනය කර ඇති අතර, වාර්තා වන වින්දමට එම වින්දිතයන් මාර්ගයෙන් ඔහු සිය  විකෘති ලි.ංගික ආශා ඉටු කර ගෙන ඇත.  ඔහු  තමාට ගොදුරු වූවන් ඝා. තනය කොට ඇත්තේ  පිහියකින් ඇනීමෙන් හා කපා දැමීමෙන් වන අතර හෙළිදරව් වූ අප.රාධ අතරින් ඔහුගේ ගොදුරු අතර වයස 9 ක දරුවෙක්ද සිටියි.

 

අන්ද්‍රෙයි චිකාටිලෝ

 

නඩු විභාගය අතරතුර ඔහු හෙළිදරව් කර සිටියේ  තමාට සුරාන්තය ළඟා කර ගත හැක්කේ කාන්තාවන්ට පිහියෙන් ඇනීමෙන් පමණක් බවයි ඒ හේතුවෙන් තමා ඔවුන්ව  කාරණය නිසා ඔහු ම. රා දැමීමට පෙළඹුණු බවට කියා සිටියේය.

 

අන්ද්‍රෙයි චිකාටිලෝ ගේ ගොදුරු බවට පත් වූවන්

 

අන්ද්‍රෙයි තමා විසින් සිදු කළ  මි. නී මැ. රුම් 56 ක් පාපොච්චාරණය කළ අතර පසුව  සාක්ෂි සහිත  අපරා.ධ 53 ක් සඳහා නඩු විභාග කර, මරණ දණ්ඩනයට නියම කර, 1994 දී වෙඩි තැබීමෙන් මරා දමන ලදී.

 

ජෙෆ්රි ඩමර් (1960-1994)

 

ඔහු මනුෂ්‍යයෙකු ලෙස හැඳින්වීමට නොහැකි තරම් දරුණු ලෙස අපරා.ධයන් සිදු කළ දාම ඝා.තකයෙකි. අවම වශයෙන් තරුණ ජීවිත 17 කට වග කිවයුතු ඔහු නඩු විභාගය අතරතුර වසර 14ක කාලයක් තුළ තරුණයන් 17 දෙනෙකු ඝා. තනය කිරීමේ වරදට වරදකරු විය.

 

“Milwaukee Cannibal” ලෙසින් හඳින්වෙන මොහු සිය ග්‍රහණයට හසු වූවන්  දූෂ.ණය කොට, ඝා.තනය කර පසුව කොටස් වලට කපා වෙන් කොට  එම මාංශ අනුභව කිරීමට පුරුදුව සිට ඇත.

ජෙෆ්රි ඩමර්

වරක් නඩු විභාගයක් අතරතුර ඔහු පිළිගෙන ඇත්තේ සිය ලිං.ගික තෘප්තිය වැඩි කර ගැනීම සඳහා තම ගොදුරු බවට පත් වූවන්ගේ හිසෙහි සිදුරක් විදින බවයි. කෙසේ වෙතත් සිදු කළ මිලේ.ච්ඡ  අපරාධයන්ට දඬුවම වශයෙන් ඔහුට මරණ දඬුවම හිමි වුවද, එය ක්‍රියාත්මක වීමට පෙර සිර ගෙදර තුළීම ඝා.තනයට ලක්ව මිය යන්නට සිදු විය. 

 

ජෝකිම් ක්‍රෝල් (1933-1991)

 

ජර්මානු ජාතික  අනුක්‍රමික ඝාතකයෙකු වන ජෝකිම් ක්‍රෝල් 1955 සහ 1976 අතර කාලය තුළ කුඩා ළමුන් ඇතුළු අවම වශයෙන් පුද්ගලයින් 14 දෙනෙකු ඝා. තනය කොට ඇත.

 

පසුව නඩු වාරයන් අතරතුර හෙළිදරව් වූ පරිදි ඔහුගේ තමාට  ගොදුරු වූවන් ඔහුගේ දෑතින් ගෙල සිර කිරීමෙන් ඝා.තනය කොට පසුව ඔවුන්ගේ ම.ළ සිරුරු සමඟ ලිං. ගිකව හැසිරී එයින් නොනැවතී  කැබලිවලට කපා ආහාරයට ගෙන ඇත.

ජෝකිම් ක්‍රෝල්

ඔහුගේ මෙම මිලේ.ච්ඡ ක්‍රියාවන් එළිදරව්ව් වන්නේ අහඹු ලෙසින් වන අතර, ජල නළයන් හි සිදුවූ අවහිරතාවයක් පිළිබඳව ඔහුගේ අසල්වැසියෙක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව එය අලුත් වැඩියා කිරීමට යාමේදි මිනිස් සිරුරු වල කොටස් හමු වී ඇත. ඒ සමගම අදාළ සිරුරු කොටස් පිළිබඳව විමර්ශයන් ආරම්භ වූ අතර, පසුව වගකිවයුත්තා වශයෙන් ක්‍රෝල් හඳුනා ගන්නා ලදි.

 

එමෙන්ම අත්අඩංගුවට පත්වන අවස්ථාව වන විට ඔහු සිට ඇත්තේ ඒ ආසන්න කාලය තුළ ඔහුගේ ගොදුරක් බවට පත් වූ 4 හැවිරිදි මැරියන් කෙට්ගේ සිරුරේ කොටස් ගිනිබත් කරමිනුයි.

 

මිනිස් වේශයෙන් පෙනී සිටි මිලේ.ච්ඡ ගති පැවතුම් සහිත අනුක්‍රමික ඝා.තකයන් 5 දෙනෙකු පිළිබඳව ඒ ආකාරයින් සැකවින් තොරතුරු සටහන් කළ අතර, එමෙන්ම එම කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදි කොතරම් සූක්ෂම අපරාධ කරුවෙකු වුවද අනිවාර්‍යෙන්ම දිනයක සියළු අපරාධ සමග හෙළිදරව්ව වන බව පැහැදිලි වේ. තම ජීවිතය පුරාවටම කළ සියළු අප.රාධයන්ට ඔවුන් ජීවිතයේ අවසන් කාලය තුළ උහුලා ගන්නට බැරි තරම් දඬුවම් විඳි අතර, ඇතැමුන් උන්මන්තක භාවයට පවා පත්වී ඇත.

 

එමෙන්ම වැදගත්ම කරුණ වන්නේ ඔවුන් මිනිසුන් ලෙසින් ජීවත් වුවද , ජීවත්වීම තුළ මනුෂ්‍යත්ව නොතිබීමම ඔවුනට ලැබුණු දඬුවමක් වීමයි. ඔබ ඒ පිළිබඳව කරුණු සෙවීමට උනන්දු වන්නෙකු නම් ඔවුන්ගේ ජීවිත හා අ.පරාධ අලලා නිර්මාණය වූ බොහෝ චිත්‍රපට, වාර්තා වැඩසටහන් හා ලියැවුණු ග්‍රන්ථ ආදියද ඇත.

 

සටහන : අක්ෂි මාපා වීරසිංහ

http://www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්