ශ්‍රී ලංකාව ළමා මන්දපෝෂණය වැඩිම රටවල් අතරින් ලොව 6 වන ස්ථානයට පැමිණ තිබේ.

යුනිසෙෆ් සංවිධානය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දන්වා සිටින අතර, ඔවුන් වැඩි දුරටත් සඳහන් කරන්නේ ශ්‍රී ලංකාව දකුණු ආසියාව තුළ දරුණු මන්දපෝෂණය දැකිය හැකි රටවල් අතර දෙවන ස්ථානයට පත් වී ඇති බවයි.

දිනෙන් දින ඉහළ යන ආහාර මිල අනුව මේ වන විට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම බොහෝමත් අසීරු කටයුත්තක් බවට පත්වී ඇති අතර,යුනෙසේෆ් සංවිධාන පෙන්වා දෙන පරිදි මෙරට බහුතරයක් පවුල් සිය ආහාර වේල් මගහරින තත්ත්වයක් උද්ගතව ඇත.

එමෙන්ම මෙරට සෑම ළමුන්දෙදෙනෙකුගෙන් එක් අයෙකු දැනටත් හදිසි ආධාර උපකාර අවශය තත්වයේ පසුවන බව කියා සිටින යුනිසෙෆ් සංවිධානය තව දුරටත් දක්වා සිටින්නේ උද්ධමනය හමුවේ මෙම තත්වය තවත් උග්‍ර විය හැකි බවය.

 

http://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්