රන්ජන් රාමනායක මහතා නිදහස් කිරීමේ ලිපියට ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් අත්සන් තබා ඇත.

ඒ පිළිබඳව දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ ජනපති අනුමැතිය මත තමා මෙම ලිපියට අත්සන් තැබූ බවයි.

අධිකරණය අපහාස කිරීමේ වරදට 2021 වසරේ ජනවාරි මස 12 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට බරතල වැඩ සහිත සිව් අවුරුදු සිර දඬුවමක් නියම කළ අතර, සිර දඬුවමට වසර දෙකකට ආසන්න වන මොහොතක අද (26) ඔහු නිදහස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

 

http://www.newsmania.lk

 

 

 

මෙන්න බලන්න තවත් පුවත්