ලාංකීය කලා තරු අතරේ ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන ඇන්තනී පවුල ගැන නොදන්නා කෙනෙක් නොමැති තරම්. පසුගිය දින අනුරාධපුර, තලාව, මොරගොඩ ප්‍රදේශයේදී අනතුරට ලක්වූ ජැක්සන් ඇන්තනී මහතා මේ වනවිට අසාධ්‍ය තත්වයේ පසුවන අතර එතුමානන්ට ඉක්මන් සුව පතා ඇන්තනී පවුලේ උදවිය වගේම කලා කරුවන් රැසක් වීව්ධ පූජාමය කටයුතු සිදු කරමින් පවතිනවා.

ඇන්තනී පවුලේ සජිත, අකිල සහ මාධවී කියන දරුවො තුන් දෙනා අතරින් එකම දියණීය වන මාධවී වත්සලා සියලු අංශයන්ට එක ලෙස දස්කම් දක්වන කලා තරුවක්. පළමු විවාහයට සමු දී මේ වනවිට මිලාන් නැමති කඩවසම් තරුණයෙකු සමග යුග දිවියට පිවිසි ඇය මේ වන සාර්ථක යුග ජීවිතයක් ගත කරන්නියක්.

එලෙස කලා කටයුතු වල නිරත වෙමින් සිටින ඇය ඇයගේ එක් කැමැත්තක් පිළිබද මෙසේ අදහස් පළ කොට තිබුණා.

” මම විවිධ පර්යේෂණ කරන්න කරන්න කැමති කෙනෙක්. ඉතින් මම ගායනා කරන්න දක්ෂ කෙනෙක් කියලා කියන්නෙ නෑ. නමුත් අම්ම ආසයි ගායනා කරන්න. නමුත් මගේ ආසාවක් තියෙනවා අපේ අම්මට වඩා දරුවො හදන්න. මොකද දරුවො ඉන්න නිසා අපේ අම්මා හරි ආඩම්බරෙන් ඉන්නේ. ඉතින් මමත් ආසයි ඒ ආඩම්බරය කොහොමද කියලා බලන්න.’’

ඉතින් ඇය මෙන්ම ඇගේ මව සහ සහෝදරයන් තුළ වූ ඒ කලා කටයුතු තවතවත් සාර්ථක වේවා කියා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්